ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම කොචිඩ්වලින් බැටකයි: නායක රෝහිත් ෂර්මාට කොරෝනා

0
264

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මාට කොරෝනා ආසාදනය වී තිබේ.

ඊයේ (ජූනි 25) සිදු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් රෝහිත් ෂර්මාට කොරෝනා ආසනය දී ඇතැයි තහවුරු වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත 3 වන ටෙස්ට් තරගය ලබන මස 1 වන දා ආරම්භ වීමට නියමිත අතර, ඊට නායකත්වය ලබා දීමට සූදානමින් සිටියදී ඔහු මෙලෙස කොරෝනා අසදිතයෙකු ලෙස හඳුනා ගෙන තිබේ.

ඒ අනුව, රෝහිත් ෂර්මා මේ වන විට එංගලන්තයේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටින හෝටලයේ හුදෙකලාව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම සතිය මුලදී, සංචාරයක් සඳහා මාලදිවයින් වෙත ගොස් ආපසු පැමිණීමෙන් අනතුරුව පසු විරාත් කෝලිට ද කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන තිබුණ ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඔහු මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇති බව ය.

මේ අතර, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින්ට ද වෛරසය ආසාදිත බව තහවුරු වීමෙන් අනතුරුව ඔහුට එංගලන්ත තරග සංචාරයට සහභාගි වීමේ අවස්තාව අහිමි වී තිබිණි.