හොරා අංකල් මංගල ගමනට ඉතාලි යයි

0
28

හර්ෂණ වික්‍රමසිංහගේ කුලුඳුල් සිනමා වියමන වන “හොරා අංකල්” ළමා චිත්‍රපටයේ මංගල දැක්ම එළැඹෙන ජුනි 25 වැනි දින සවස 6.00ට ඉතාලියේ, මිලානෝ නගරයේ සෙන්ට්රෝර ඇස්ටි්‍රයා (CENTO ASTERIYA MILANO) සිනමා ශාලාවේදී පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව ඉතාලියේ වෙනත් නගර ගණනාවකදීම ප්‍රදර්ශනය කිරීමටත් සැලසුම් කොට ඇත.

 ළමයින්ට මෙන්ම වැඩිහිටියන්ටද ආදර්ශයක් ගෙන එන ලෙස නිර්මිත “හොරා අංකල්” ත්‍රාසය, විනෝදය, කුතුහලය එක්ක පවුලේ සැමට එක්ව නැරඹිය හැකි සම්ප්‍රදායෙන් බැහැර වූ සුන්දර ළමා චිත්‍රපටයකි.

 මෙහි රංගනයෙන් මහේන්ද්‍ර පෙරේරා, දුලානි අනුරාධා, අනුරුද්ධිකා පාදුක්කගේ,  කුමාර තිරිමාදුර, ජනක කුඹුකගේ, උමයංගනා වික්‍රමසිංහ, ‍ෙදාන් ගයි, රයන් වැන්රෝයන්, ජයරත්න ගලගෙදර, ආශිකා මතසිංහ, සෙනුල්යා දන්තනාරායන, නෙත්ප්‍රිය මධුභාෂිත, දෙව්මි සතිස්කා ඇතුළු රංගන ශිල්පීන් විශාල පිරිසක් එක්වේ. කැමරාකරණයෙන් සුරේෂ් ධම්මික, අංගරචනයෙන් මනනුවන් රූපසිංහ, කලා අධ්‍යක්ෂණයෙන් ධම්මික හේවාදුවත්ත, සංස්කරණය – ශබ්ද පරිපාලනය සහ වර්ණ සංයෝජනයෙන් ඩිලාන් ගුණවර්ධන, රේඛීය නිෂ්පාදනයෙන් දේශබන්දු නිශාන් සේනාරත්නද, නර්තන අධ්‍යක්ෂණයෙන් නිලාන් මලිගස්පෙ, ඇඳුම් නිර්මාණයෙන් ප්‍රියාන් අනුර ශ්‍රී , නිෂ්පාදන කළමනාකරණයෙන් සමන් අතපත්තු සමඟින් ධම්මික ගුණසේන, කොණ්ඩා සැකසුමෙන් තුෂාර විදානගමගේ, සහාය අධ්‍යක්ෂණයෙන් තරිඳු ඉලංකෝන් සමඟින් අමිල ප්‍රේමරත්නත් සංගීත අධ්‍යක්ෂණයෙන් නවරත්න ගමගේ, ගීත ප්‍රබන්ධනයෙන් බන්දුල නානායක්කාරවසම් සමඟින් හර්ෂණ වික්‍රමසිංහ, ගීත ගායනයෙන් ලක්ෂ්මන් විජේසේකර සහ පාරමී ආලෝකා ද එක්වී ඇත.

නිහාල් පීරිස්ගේ තිර රචනයක් වූ “හොරා අංකල්” දේශබන්දු සමන් ධර්මවංශ සමඟින් ආචාර්ය සුමින්ද ලෝව් නිෂ්පාදනය කර ඇත. ඉතාලියේ ප්‍රදර්ශන සම්බන්ධීකරණය, නූන් කල්බ් මිලානෝ (THE NOON CLUB MILANO PRESENTS) වෙනුවෙන් උපාලි චන්ද්‍රකුමාර සහ රංග අලහකෝන්ගෙනි. ඉදිරියේදී  එංගලන්තය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවකදී “හොරා අංකල්” ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇති අතර මෙම චිත්‍රපටය ඉතාමත් ඉක්මනින් මෙරටදී ප්‍රදර්ශනය ආරම්භ වන බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසා සිටියි.