යුගයක් නැළවූ ගී මිහිර ඔබට බෙදන සජ්¿ධායනා

0
36

සති අන්තයේ රාත්‍රිය…. එක දිගට හෙම්බත්ව ගෙවෙන දින පහේ විඩාව නිවන….. පවුලේ හැමෝම එකට එකතුවන විවේකී වේලාව.

බොහෝමයක් නිවෙස්වල මේ වේලාව ගෙවෙන්නේ රූපවාහිනි තිරය ඉදිරිපිට. ඉතින් ඒ කාලපරිච්ඡේදයේදී ලැබෙන රසවින්දනයට අමතරව තම දරුවන්ටත් දෙයක් ඉගෙනගත හැකි වැඩසටහනක් නැරඹීමට ඇත්නම් මවුපියන් කැමැතියි. ඔව්. සම්මාන පවා දිනාගනිමින් ජනතාව අතරේ සිරස ලක්ෂපති වැඩසටහන ඉහළින්ම වැජඹුණේ මෙන්න මේ අවශ්‍යතාව මැනවින් ඒ වැඩසටහන තුළින් ඉටුවුණු නිසා වෙන්න ඇති.

සාර්ථක… නැත… අතිසාර්ථක වැඩසටහන් ගණනාවකට පස්සේ සිරස ලක්ෂපතියේ 09 වැනි අදියර නිමා වන්නේ තවත් ඒ හා සමාන වැදගත්කමක් ඇති වැඩසටහනක් ලාංකේය ප්‍රේක්‍ෂකයන් වෙත සමීප කරමිනුයි.

එය නමින් සජ්ඣායනා.

ශ්‍රි ලාංකේය සංගීත ක්ෂේත්‍රය මේ හා සමාන දුරක් පැමිණ ඇත්තේ මහා යුගපුරුෂයන් රාශියකගේ දායකත්වයෙන්. ඔවුන් ලබාදුන් ඒ දායකත්වය ඇගයීම උදෙසාම දිගහැරෙන මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ලාංකේය පැරණි සංගීතයේ ඇති සාරය නව පරපුර වෙත අර්ථාන්විතව රැගෙන යෑමයි.

තෝරාගත් සංගීතවේදීන්ගේ ගීත. ඔවුන් හෝ ඔවුන්ගේ සමීපතමයන් ඉදිරියේ Voice Teensහි දක්ෂයන් විසින් ගායනා කිරීම මෙහිදී සිදුවන අතර ඒ ගීත හා ඔහුගේ හෝ ඇයගේ ජීවිත කතාව පිළිබඳව බොහොම සුහදශීලීව ගෙනහැර දැක්වීමද මෙම වැඩසටහනේදී සිදු වෙයි.

වැඩසටහන මෙහෙයවීම Voice Teens තරුවක් වන ආදිත්‍යා වැලිවත්ත විසින් සිදු කරයි. වෙනස්කම් රැසක් සමඟින් දිගහැරෙන සජ්ඣායනා වැඩසටහනෙහි නැවුම්ම කලඑළි බැස්ම මේ සති අන්තයේ සිට රාත්‍රි 7.30ට සිරස ප්‍රේක්‍ෂකයන් හට නැරඹීමට හැකිවනු ඇත. ඒ කෘතහස්ත ගායකයකු වන විශාරද ගුණදාස කපුගේ සූරීන්ට සිදුකෙරෙන හඬ උත්තමාචාරයකිනි. ඉදිරියේදී මිල්ටන් පෙරේරා, නාරද දිසාසේකර, අබේවර්ධන බාලසූරිය, එච්.ආර්. ජෝතිපාල, රෝහණ බැද්දගේ වැනි ප්‍රවීණයන් රැසකගේ ගීතවල ආස්වාදය විඳීමටද සජ්ඣායනා වැඩසටහන තුළින් ප්‍රේක්‍ෂකයන් හට අවස්ථාව ලැබෙනු ඇත.