හිටපු ඇමති ජොන්ස්ටන්ට සිතාසි

0
364

අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවකට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් සිතාසි නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව, අදාළ විත්තිකරුවන්ට ජූලි මස 4 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කර අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කරනු ලැබ තිබේ.