කළුබෝවිල ශික්ෂණ රෝහල ඉදිරිපිට දැඩි රථ වාහන තදබදයක් (PHOTOS)

1
850

කළුබෝවිල ශික්ෂණ රෝහල ඉදිරිපිට අධික රථ වාහන තදබදයක් පවතින බව අප වාර්තාකරු පවසයි.

සෞඛ්‍ය අංශ සහ අනෙකුත් වාහන සඳහා ඉන්ධන ලබා ගැනීමට රෝහල ආසන්නයේ ඇති ඉන්ධනහල වෙත පැමිණ ඇති රථ වාහන සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බැවින් කොහුවල මංසන්ධියේ සිට කළුබෝවිල මංසන්ධිය දක්වා වන මාර්ගයේ එක් මං තීරුවක් වසා දමා ඇතැයි ඔහු පැවසීය.

ඔහු සඳහන් කළේ ඒ හේතුවෙන්, ගාලු පාරේ සිට නුගේගොඩ දක්වා ගමන් කරන සියලු බස් රථ සහ අනෙකුත් වාහනවලට ශ්‍රී සුනන්දාරාම අතුරු මාවත හරහා මාර්ග අංක 120, හොරණ – කොළඹ මාර්ගය ඔස්සේ ගමන් කිරීම ඉඩ සලසා ඇති බව ය.

අදාළ ස්ථානයේ රථ වාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ, සෞඛ්‍ය අංශය මෙන් ම අනෙක් රථ වාහන ද ඒ ආසන්නයේ ඇති ඉන්ධන පිරවුම් හල වෙත ඉන්ධන ලබා ගැනීමට පැමිණීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව ය.

  • ඉරංග ප්‍රනාන්දු – මොරටුව

1 COMMENT

Comments are closed.