අග්නිදිග ආසියානු රටවල තානාපතිවරු සහ කොමසාරිස්වරු ජනපති හමුවෙති

0
90

අග්නිදිග ආසියානු කලාපයට අයත් රටවල තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවූහ. කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී මෙම හමුව සිදුවිණ.

මෙහිදී ජනාධිපතිවරයා වත්මන් ආර්ථික අර්බුදය විසඳා ගැනීමට අග්නිදිග ආසියානු කලාපයේ රටවලින් ශ්‍රී ලංකාවට ලබාදුන් සහ දෙන සහාය අගයනු ලැබීය.

භූගෝලීය සමීපතාව මත ලංකාව හා කලාපයේ රටවල් අතර සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය, ආයෝජන අවස්ථා, කෘෂිකර්මාන්තය නඟා සිටුවීම, අධ්‍යාපනය ඇතුළු ක්‍ෂේත්‍ර ගණනාවක් පිළිබඳ ජනාධිපතිවරයා දූත මණ්ඩල ප්‍රධානීන් දැනුවත් කළේය.

ක්‍ෂේත්‍ර ගණනාවකින් අග්නිදිග ආසියානු කලාපයේ රටවලට මෙරටින් අපනයනය කළ හැකි ද්‍රව්‍ය හා භාණ්ඩ පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්කෙරිණි.

මියන්මාර තානාපති හැන් තු (Han Thu), මැලේසියානු මහ කොමසාරිස් ටෑන් යැන්ග් තායි (Tan Yang Thai), වියට්නාම තානාපති හෝ තී තන්හ් ට්රක් ( Ho Thi Thanh Truc),තායිලන්ත තානාපති පොජ් හාන්පෝල් (Poj Harnpol),ඉන්දුනීසියානු තානාපති දෙවි ගස්ටිනා ටොබින්ග් (Devi Gustina Tobing), ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක සහ අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.