ගෙදරදී ම වින්නඹුකම කරන්න මිඩ්වයිෆ්ලා සූදානමින්

0
402

එළැඹෙමින් පවතින බරපතළ ම ඉන්ධන අර්බුදය හමුවේ ගැබිනි මවුවරුන් රෝහල්ගත කළ නොහැකි වන අවස්ථාවල නිවෙසේදී ම දරු ප්‍රසූතිය කිරීමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සූදානමින් සිටින බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු ‘මව්බිම’ට පැවසුවා ය.

ක්ෂේත්‍රයේ රාජකාරි කරන බැවින්, රෝහලේදී මෙන් ම ක්ෂේත්‍රයේදීත් ගැබිනි මවුවරුන්ගේ කටයුතුවලදී සහාය දීමට හා රැකවරණය දීමට පවුල් සෞඛ්‍ය සේවිකාවන් බැඳී සිටින බව ද සභාපතිනිය පැවැසුවා ය.

රටේ පවතින වතාවරණය යටතේ මේ වනවිටත් ග්‍රාමීය ප්‍රදේශවල යම් යම් ප්‍රවාහන දුෂ්කරතා පවතින බැවින් ඉදිරියේ තවත් බැරෑරුම් විය හැකි යැයි සලකා නිවසේ, ක්ෂේත්‍රයේ හෝ ඕනෑ ම අවස්ථාවකදී දරු ප්‍රසූතියකට මුහුණ දෙන මවකට පහසුකම් සැපයීමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සූදානම් කරන බව ද කීවා ය.

රෝහල්වලදී මෙන් ම, ඕනෑ ම ස්ථානයකදී දරු ප්‍රසූතියක් සඳහා අවසරය හා බලය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් තම සාමාජිකත්වය වෙත පවරා ඇති බැවින් මෙම තීරණය ගත් බව කොඩිතුවක්කු මහත්මිය තවදුරටත් පැවසුවා ය.