නීති විරෝධී ලෙස ගෙන් වූ සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයක් රේගු දැලේ (PHOTOS)

1
1215

නීති විරෝධී ලෙස මෙරටට ගෙන් වූ සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයක් ඔරුගොඩවත්ත රේගු අංගනයේ තිබී සොයාගෙන තිබේ.

එහිදී Mercedes Benz Maybach, Audi A1 සහ Fiat වර්ගවලට අයත් මෝටර් රථ 3ක් රේගුව විසින් සොයාගෙන ගනු ලැබ ඇත.

අදාළ මෝටර් රථ වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රේගු භාරයට ගෙන තිබේ.

එක්සත් රාජධානියේ සිට වාහන අමතර කොටස් ගෙන්වන මුවාවෙන් මෙම රථ මෙරටට ගෙන්වා ඇති බවට වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත.

1 COMMENT

  1. ඔය කරන්නේ තනිකරම වංචාවක්. ඊට පස්සේ කරන්නේ වෙන්දේසියේ විකිණීම.
    කාටද ඕව ගන්න සල්ලි තියෙන්නේ ??
    ගෙන්වපු උන් ම ශේප් එකේ අරගන්නවා. එතකොට බදුවලට අහුවෙන්නෙත් නෑ.
    වැඩේ නිකම්ම ගොඩ.

Comments are closed.