ඉන්ධන පිරවුම්හල් අසල කලහකාරී ලෙස හැසිරුණු සිව් දෙනෙක් අත්අඩංගුවට

0
129

ඉන්ධන පිරවුම්හල් අසල කලහකාරී ලෙස හැසිරෙමින් එම ස්ථානයේ සිටි පොලිස් සහ යුද්ධ හමුදා සෙබලුන්ගේ රාජකාරියට බාධා කළ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මීගහතැන්න, පැලවත්ත ඉන්ධන පිරවුම්හල අසලදී පුද්ගලයින් තිදෙනෙකු ද නිකවැරටිය, මාගල්ලේගම ප්‍රදේශයේ එක් පුද්ගලයෙකු ද ඊයේ (ජූනි 22) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනාගෙන් තිදෙනෙකු වයස අවුරුදු 37,38 සහ 40 යන වයස්වල පසුවන පහලහෙවෙස්ස සහ පැලවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර අනෙක් සැකකරු වයස අවුරුදු 45ක් වූ නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුවන් සිව් දෙනා අද (ජූනි 23) දිනයේදී මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් මීගහතැන්න සහ නිකවැරටිය පොලිස් ස්ථානවල නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.