දැවිතෙල් ගන්න ඩොලර් මිලියන 34ක් ගෙවලා

0
356

විදුලි බලාගාරවලට සහ කර්මාන්ත සඳහා අවශ්‍ය බොරතෙල් සහ දැවිතෙල් තොගයක් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 34ක් ගෙවා ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

එම ඉන්ධන තොග ගොඩබෑම ඊයේ (ජූනි 22) ආරම්භ කළ බව ද ඒවා විදුලි උත්පාදනය සහ කර්මාන්ත සඳහා යොදා ගැනීමට අදහස් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරට ත් පැවසීය.

දැවිතෙල් අවශ්‍ය කර්මාන්තශාලා මේ වනවිට හඳුනාගෙන ඇති අතර තාප බලාගාර සඳහා අවශ්‍ය දැවිතෙල් තොග ද එම විදුලි බලාගාර සඳහා කඩිනමින් සපයන ලෙස බලශක්ති අමාත්‍යංශය අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව සඳහා අවශ්‍ය බොරතෙල් මිල දී ගැනීමට මේ වනවිට වැඩකටයුතු ආරම්භ කර ඇති අතර එම බොරතෙල් තොග ලබාගත් පසු සපුගස්කන්ද තෙල් පිරිපහදුව ගැටලුවකින් තොරව පවත්වාගෙන යා හැකි බව එහි උසස් නිලධාරියෙක් ‘මව්බිම’ කළ විමසුමකදී පැවසීය.