පෙට්‍රල් නෞකාව පැමිණීමේ ප්‍රමාදයක්

0
400

අද (ජූනි 23) උදෑසන පැමිණීමට නියමිතව තිබූ 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් ඉන්ධන නෞකාව පැමිණීම දිනකින් පමණ ප්‍රමාද වන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අද (ජූනි 23) සහ හෙට (ජූනි 24) දිනයේදී දිවයින පුරා සීමිත ප්‍රමාණයක් පෙට්‍රල් බෙදා හැරීම සිදු කරන බව ය.

ඔටෝ ඩීසල් දිවයින පුරා පූර්ණ ධාරිතාවයෙන් බෙදා හැරෙන අතර සුපර් ඩීසල් සීමිත ප්‍රමාණයක් බෙදා හැරීම සිදු කෙරෙන බව කංචන විජේසේකර මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරට ත් දැක්වේ.