තව ත් පෙට්‍රල් නැවක් අද එයි

0
359

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් නෞකාවක් මෙරටට අද (ජූනි 23) දිනයේ ළඟාවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

නව සැපයුම් සමාගමකින් මෙම පෙට්‍රල් නෞකාව මිල දී ගෙන ඇතැයි එම සංස්ථා උසස් නිලධාරියෙක් ‘මව්බිම’ කළ විමසුමකදී සඳහන් කළේ ය.

මෙරට පවතින උග්‍ර පෙට්‍රල් හිඟය හමුවේ මෙම පෙට්‍රල් නෞකාවෙන් පෙට්‍රල් තොග ගොඩබා අනිද්දා (ජූනි 24) සිට ඉන්ධන හල් වෙත බෙදා හැරීමට සැලසුම් කර ඇති බව එම උසස් නිලධාරියා වැඩිදුරට ත් පැවසීය.

ඉකුත් දා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවැසුවේ මේ මස 23 වන දායින් පසුව පවතින ඉන්ධන හිඟයට යම්කිසි සහනයක් ලැබෙනු ඇති බව ය.