ළමුන් සහ කාන්තාවන් කාමාතුරයින්ගෙන් බේරා ගැනීමට පකිස්තානයේ හදිසි තත්ත්වයක්

0
681

කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහිව වාර්තා වන ලිංගික අපයෝජන සිද්ධි ශීඝ්‍රයෙන් ඉහළ යාම මධ්‍යයේ පකිස්තානයේ පන්ජාබ් පළාතේ “හදිසි තත්ත්වයක්” ප්‍රකාශයට පත් කර තිබේ.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පන්ජාබ් ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, මෙවැනි සිදුවීම් වැඩිවීම සමාජයට සහ රජයේ නිලධාරීන්ට බරපතළ ප්‍රශ්නයක් බව ය.

පන්ජාබ්හි දිනකට ස්ත්‍රී දූෂණ හතරක් හෝ පහක් වාර්තා වන බැවින් ලිංගික අතවර අපයෝජන සහ බලහත්කාරකම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට රජය විශේෂ ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව ඔහු ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, මෙලෙස එම පළාතේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇතැයි ඔහු සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් සිවිල් සමාජය, කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සංවිධාන, ගුරුවරුන් සහ නීතීඥයින්ගෙන් අදහස් විමසන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

මීට අමතරව, ආරක්ෂා වීමේ වැදගත්කම පිළිබඳව දරුවන්ට උගන්වන ලෙස ඔහු දෙමාපියන්ගෙන් ඉල්ලීමක් ද කර තිබේ.