ටිකට් පරීක්‍ෂකවරු බසයේ ටිකට් පරීක්‍ෂා කරද්දී කොන්‍ෙදාස්තර සල්ලිත් අරන් පැන ගිහින්

0
28

බළන්ගොඩ ප්‍රදේශයේ ඇති මාර්ගයක ධාවනය වූ ශ්‍රී  ලංගම බස් රථයක ටිකට්පත් පරික්‍ෂා කිරීම සඳහා නිලධාරීන් පිරිසක් බස් රථයට ගොඩ වී ඇති අතර කොන්‍ෙදාස්තරවරයා අතැති ටිකට්පත් යන්ත්‍රය එම නිලධාරීන් වෙතට ලබාගෙන ටිකට්පත් පරික්‍ෂා කරන අතරතුර එහි තිබූ රුපියල් 12,000 මුදලක්ද රැගෙන කොන්‍ෙදාස්තර මහතා ඉකුත් 19දා සවස බස් රථයෙන් පැන පලාගොස් ඇතැයි පොලිසිය පැවැසීය.

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රියක ටිකට් පත් පරික්‍ෂා කිරීම සඳහා පැමිණි නිලධාරීන් මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇති බවද බළන්ගොඩ පොලිසිය පැවැසීය.

ශ්‍රී  ලංගම බස් රථවල ගමන් කරන මගීන්ගෙන් මුදල් ලබාගෙන ඒ වෙනුවට ටිකට්පත් නිකුත් නොකරන බවට ලංකා ගමනාගමන මණ්ඩලයට පැමිණිලි කිහිපයක් ලැබී තිබේ. ඒ සම්බන්ධයෙන් පරික්‍ෂා කිරීම සඳහා එම නිලධාරීන් ඉකුත් 19දා සවස බළන්ගොඩ ප්‍රදේශයේ ධාවනය වන ශ්‍රී  ලංගම බස් රථ පරික්‍ෂාවට ලක් කරනු ලැබූහ.

එම නිලධාරීන් බස් රථයකට ගොඩවී ටිකට්පත් පරික්‍ෂා කිරීමේදී බස් රථයේ ගමන් කරමින් සිටි මගී කාන්තාවක සතුව ටිකට්පතක් නොතිබීම සම්බන්ධයෙන් එම කොන්‍ෙදාස්තරගෙන් විමසීමක් කර තිබේ. එහිදී කොන්‍ෙදාස්තර විසින් එම නිලධාරීන්ට කියා තිබෙන්නේ ඇය තමන්ගේ බිරිය බවයි. නමුත් ඇය පවසා තිබෙන්නේ කොන්‍ෙදාස්තරවරයා දුටුවේ අද බවත්, ඔහු තමන්ගේ ස්වාමියා නොවන බවත් මුදල් ලබා දුන් නමුත් ටිකට්පත ලබා නොදුන් බවයි.

එම අවස්ථාවේදී එම කොන්‍ෙදාස්තරවරයා එදිනට එකතුවී තිබුණු රුපියල් 12,000ක මුදලක් රැගෙන මෙලෙස පලාගොස් ඇති බවට ටිකට් පරීක්‍ෂකවරු පොලිසිය වෙත පැමිණිලි කර ඇත.

මේ සම්බන්ධයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බළන්ගොඩ ඩිපෝවේ කළමනාකාර ධර්ම ශ්‍රී  හරිචන්ද්‍ර මහතාගෙන් කළ විමසීමකදී එවැනි සිද්ධියක් සිදුවී තිබෙන බව පැවැසීය. කොන්‍ෙදාස්තරවරයා විසින් රැගෙන ගිය මුදල් සහ ඒ සම්බන්ධයෙන් ලිපියක් සමඟ වෙනත් අයකු මාර්ගයෙන් පෙරේදා (20දා) ඩිපෝව වෙත ලැබීමට සලස්වා තිබෙන බවද කීය. මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කරන බවද ඒ මහතා කීය.

බළන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ධමිත් ජයකොඩි මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රවීන්ද්‍ර ජයතිස්ස, උප පොලිස් පරීක්‍ෂක පුෂ්පකුමාර, ඒ.ඒ.ආර්.ආර්. අමරසිංහ යන නිලධාරීන් පරීක්‍ෂණ සිදු කරයි.

බළන්ගොඩ – නලින්ද වලේබොඩ