සියම් ගෑස් සමාගමට නොදී ඕමාන් සමාගමකින් ගෑස් ගෙන්වීමට හේතුව

0
711

තායිලන්තයේ සියම් ගෑස් සමාගම අඩු මිලට මෙරටට ගෑස් ලබා දීමට යෝජනා ඉදිරිපත් කළ ද එම ගෑස් සැපයීමට යම් ප්‍රමාදයක් වන බැවින් ඕමාන් ට්‍රේඩින් සමාගමට ටෙන්ඩරය පිරිනැමීමට සිදු වූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (ජූනි 21) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නෑගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

රට තුළ ඇති කොන්දේසිවලට යටත්ව කුමන රටක් හෝ සමාගමක් අඩු මිලට ගෑස් ලබා දෙන්න ඉදිරිපත් වූවහොත් ඊට අනිවාර්යයෙන් ම එකඟතාව පළ කරන බව මහින්ද අමරවීර මහතා පැවසීය.

මේ පිළිබඳව වැඩිදුරට ත් අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“සියම් ගෑස් සමාගම අඩු මිලක් ඉදිරිපත් කළා නමුත් ඔවුන්ට ගෑස් සැපයීමේ හැකියාවක් තිබුණේ නැහැ නියමිත දිනයට. අපිට කැබිනට් පත්‍රිකාවකුත් ඉදිරිපත් වුණා. ඒ අය ප්‍රකාශ කරන දිනයට ඒ ගෑස් ලබා දීම සිදු වුණේ නැහැ. ප්‍රවහානයට නැව් තිබුණේ නැහැ කිව්වා. අපිට දරාගෙන ඉන්න බැහැ ප්‍රමාද වෙනකන් ඒ නිසා තමයි නැවත පෙර ටෙන්ඩර්කරුවා වෙත යන්න වුණේ. ගෑස් හිඟයකින් තොරව යන්න.”