උපත් පාලන කොපු ගැන කොල්ලො දැනගත යුතුම දේවල්

0
204

අද අපි කතා කරන්නේ කොල්ලන්ට ගොඩක් වැදගත් දෙයක් ගැන. මේ ගැන මේ දවස්වල කතා වෙනවත් වැඩියි. මොකද උපත් පාලන ක්‍රම හින්දා කාන්තාවන්ගෙන් බොහෝ දෙනෙක්ට දරු පල ප්‍රමාද වීමක් ගැන මේ දවස්වල කතාවක් යනවා. ඉතින් ගොඩක් දෙනෙක් කියන්නේ මහත්තයා කියන්නේ පෙති බොන්න කියලා, නැත්නම් ඉන්ජෙක්ෂන් ගහන්නලු වගේ දේවල්. එයාලා කොන්ඩම් පාවිච්චි කරන්න කැමැති නැති බවක් තමයි පේන්නේ. ඉතින් ඔය කලින් කිව්ව පෙති සහ ඉන්ජෙක්ෂන් හින්දා කාන්තාවන්ගේ ශරීරයේ හෝමෝන සමබරතාව ගිලිහෙනවා. ඊට පස්සේ ඕනි වුණත් බබෙක් හදන්න ගියාම සමහර වෙලාවට දරුවො හදන්නම බැරිත් වෙනවා. ඒ හින්දා ඔයාලා මේ ගැන දැනන් ඉන්න එක වැදගත්.

පිරිමින්ට උපත් පාලන ක්‍රම තියෙන්නේ දෙකම දෙකයිනේ. ඒ ඔය කොන්ඩම් සහ වාසෙක්තමි සැත්කම. ඒකෙන් වාසෙක්තමි කියන්නේ reversible quality එක අඩු ක්‍රමයක්. ඒක කරගත්තොත් නැවත බබාලා හදන්නම බැරි වෙන අවදානම වැඩියි. ඒ නිසා අපි අවුරුදු 04ක් විතර තව බබාලා හදන්න නැතිව ඉදලා පස්සේ දුවෙක් හදමු සුදාම්මි කියන පිරිමියෙක්ට ඇත්තටම තියෙන එකම උපත් පාලන ඔප්ෂන් එක දවස ගානේ කොන්ඩම් පාවිච්චි කරන එක විතරයි.

කාන්තාවගේ උපත් පාලනයේදී තියෙන්නේ මාසෙකට සැරයක් පරිනත වෙන ඩිම්බය ඒ විධියට පරිනත වීම වැළැක්වීම හෝ ඒ ඩිම්බය දිහාවට සජීවී ශුක්‍රාණුවකට යන්න නොදෙන එක විතරයි. ඒත් පිරිමි ශරීරයේ එක තත්පරයකට ශුක්‍රාණු 1500 ගානේ දවසකට ශුක්‍රාණු මිලියන ගානක් නිෂ්පාදනය වෙනවා. ශුක්‍ර තරලයේ එක මිලි ලීටරයක් ඇතුළේ සජීවී ශුක්‍රාණු මිලියන 200ක් විතර තියෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ ශුක්‍රාණු පිටවීම නවත්වන එකවත් ශුක්‍රාණු අක්‍රිය කරන එකවත් කරන්න ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒ නිසා ගැහැනුන්ට විතරක් නෙවෙයි, පිරිමින්ටත් උපත්පාලන ක්‍රම තියෙන්නම ඕනි.

ඉතින් අද ආවේ ඔය කොන්ඩම් ගැන ටිකක් කියලා දීලා යන්න. කොන්ඩම් කියන්නේ අනවශ්‍ය ගැබ්ගැනීම් වැළැක්වීමයි, ලිංගිකව පරිවහනය වෙන රෝගවලින් ආරක්ෂාව දීමයි කියන වැඩ දෙකම සුපිරියට කරන්න පුළුවන් ලෝකයේ තියෙන එකම ක්‍රමයනේ. කොන්ඩම් වර්ග ගැන කතා කළොත් එකිනෙකට වෙනස් කොන්ඩම් විශේෂ ගණනාවක් තියෙනවා. මුලින්ම එන්නේ සාමාන්‍ය කොන්ඩම්. මේවා ලේටෙක්ස් කියන රබර් විශේෂයෙන් හදන කොන්ඩම්. මේවා තමා බහුලවම තියෙන ඒ වගේම මිල අඩුම කොන්ඩම් විශේෂය. මෙව්වා හොඳයි, හැබැයි ඔය පෙට්‍රෝලියම් තෙල්වලින්  (oil-based) හදන ක්‍රීම් වර්ග (ඒ කිව්වේ වැස්ලීන් වගේ ඒවා) තව එතකොට ලුබ්්‍රකන්ට් වගේ ඒවා මේකේ ගෑවුනොත් සොරි තමයි. මොකද ඒවයෙන් මේ ලේටෙක්ස් ව්‍යුහය හානි වෙලා කොන්ඩම් එක ඉරිලා යනවා. ඒ වගේම සමහර වෙලාවට මේ ලේටෙක්ස් කොන්ඩම් ඇලජික් වෙලා කැසීම් එහෙම එන්න පුලුවන්.

ඊළඟට තියනවා non-latex කොන්ඩම් වර්ග. මේවා ඔය පොලිතීන් වගේ අමුද්‍රව්‍යවලින් හදන්නේ. මේවා එක්ක අර කලින් කියපු oil-based lubricants  පාවිච්චි කරන්න පුළුවන් කරදරයක් නැතිව. හැබැයි මතක තියාගන්න සමහරු මේ non-latex ඒවටත් ආසාත්මික වෙන්න පුළුවන් හොඳේ.

Spermicide condoms  spermicide කියන රසායනික සංයෝගය අන්තර්ගත කරලයි තියෙන්නේ. මේකෙන් කොන්ඩම් එක ඇතුළේ නිදහස් වෙන ශුක්‍රාණු අකර්මණ්‍ය කරනවා. ඒනිසා මොනම හරි කරුමෙකට කොන්ඩම් එක දාලා තිබිලත් ශුක්‍රාණු යෝනියට එකතු වුණොත් මේවගේ කොන්ඩම්වලින් තවත් චුට්ටක් ආරක්ෂාව ලැබෙනවා.

Delay condoms වල විශේෂත්වය තියෙන්නේ ශුක්‍රාණු පිටවීම ප්‍රමාද කරන්න මේවට benzocaine හෝ lidocaine වගේ විශේෂ සංයෝග ඇතුළත් කරලා තියෙනවා. මේ දෙකම නිර්වින්දනකාරක කොන්ඩම් එක ඇතුළු පැත්තේ විශේෂයෙන්ම ශිෂ්ණය කෙළවර එන කොටසේ මේවා ආලේප කරලා තියෙන්නේ. එතකොට ශිෂ්ණයට සංවේදන දැනෙන ප්‍රමාණය අඩු වෙලා ශුක්‍රාණු පිටවීම ප්‍රමාද වෙනවා. ඔය premature ejaculation (ඉක්මනින් ශුක්‍රාණු පිටවීමේ ගැටලුව) තියෙන අයට මේ වගේ කොන්ඩම් සෑහෙන්න වටිනවා. 

Flavoured condoms කියන්නේ ඒ කොන්ඩම් එකෙන් විවිධ රස වර්ග එන කොන්ඩම්. මේවා හොඳ මුඛ සංසර්ගයට. මේවා ගත්තම විවිධ රසවලින් නිපදවල තියෙනවා. මේවායේ පිටත පැත්තේ ලුමිනෙක්ස් වර්ණයක් ආලේප කරලා තියෙන්නේ.

ඔය කොන්ඩම් ඉරෙනවා කැඩෙනවා කියලා තියෙනවනේ. කොන්ඩම් එකක් කැඩෙන්නේ ඒකත් එක්ක Oil-based lubricant  එකක් පාවිච්චි කරාම, නැත්නම් ඒක අවුරුද්දක් දෙකක් පරණ එකක් නම් විතරයි. මේ වගේ අවස්ථාවක එන්න පුළුවන් අවදානම දෙයාකාරයි. එකක් තමා අනවශ්‍ය ගැබ්ගැනීම්. දෙවෙනි එක ලිංගිකව පරිවහනය වන රෝගවලට නිරාවරණයවීම්. පිරිමි ළමයට ශුක්‍රාණු පිටවෙලා තිබුණාය නැතාය කියලා නෑ කොන්ඩම් එක කැඩුණොත් කාන්තාව ඉක්මනින් පිරිසුදු වතුරෙන් යෝනිය හෝදලා emergency contraception  එකක් ගන්න. එක්කෝ ර්ථීපධඵබඪදධප වර්ගයේ පෙත්තක්, නැත්නම් ඩොක්ටර් හම්බෙලා පෙතිවලට ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් ලියවගන්න, නැත්නම් IUD එකක් දාගන්න.

ඉතින් මේ දේවල් ප්‍රායෝගිකව පාවිච්චි කරන්න කලින් මේ ගැන දැනුවත් වෙලා ඉන්න එක වටිනවා කියලා ඔයාට තේරෙන්න ඇති. තව දෙයක්. පිරිමි ගැහැනු භේදයක් නැතුවම මේ ගැන අවබෝධයක් තියෙන එක වටින බව මතක තියාගන්න.

වෛද්‍ය චන්දි රාජපක්ෂ