දවස් 7න් සම පැහැපත් කරන විස්මිත සත්කාර

0
179

පසුගිය සති කිහිපය පුරාවටම අප ඔබගේ රූපලාවණ්‍ය ගැටලු අවම කර ගැනීමට අවශ්‍ය වන රූපලාවණ්‍ය සත්කාර පෙළක්ම ඔබ වෙතට ගෙන ආ බව ඔබට මතක ඇති. අද අපි ඔබ වෙතට ගෙන එන්නේද බොහෝ දෙනකු හට ගැටලුවක් වන ඉක්මනින් සම පැහැපත් කර ගැනීමේ ප්‍රශ්නයට ප්‍රත්‍යක්ෂ විසඳුමකි. එනම් දේශීය ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් නිවෙසේ සිටම ඉතාම පහසුවෙන් කරගත හැකි 7 Days Natural Skin Whitening Treatment පෙළකි.

මෙම සත්කාරයන් නොකඩවා දීර්ඝ කාලයක් සිදු කිරීම තුළ ඔබගේ මුහුණට මෙන්ම මුළු සිරුරටම පැහැයක් ලබාගත හැකියි. එමඟින් 100%ක්ම ස්වාභාවිකව සම පැහැපත් වීමක් වන අතර කිසිදු කෘත්‍රිම අමුද්‍රව්‍යද අඩංගු නොකොට සිදු කරන්නා වූ සත්කාර පෙළකි. මෙම සත්කාරවලින් ලැබෙන ප්‍රතිඵලය සම්බන්ධයෙන්ද අනිවාර්යයෙන්ම යමක් පැවැසිය යුතුය. මෙහි අප පවසන ආකාරයට නොකඩවා දිනපතාම මෙම සත්කාර පෙළ සිදු කිරීම තුළ 100%ක්ම සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගත හැකිය. අතුරු ආබාධ නොමැතිව ඉක්මනින්ම සම පැහැපත් කර ගැනීමටත් එම පැහැය සැමදාටම පවත්වාගෙන යෑමටත් ඔබත් කැමැති නම් මේ සත්කාර පෙළ ඔබට ඉතාම ප්‍රයෝජනවත් වේවි.

1. Skin Therapy – Ice Cubes Treatment

අවශ්‍ය දේවල්

  • – කරවිල සාමාන්‍ය ප්‍රමාණයේ

  ගෙඩියකින් භාගයක්

 – ලෙමන් යුෂ ස්වල්පයක්

  – Green Tea bag 1ක්

 – උණුසුම් ජලය ස්වල්පයක්

 – රෝස වතුර ස්වල්පයක්

සාදා ගන්න ආකාරය

පළමුව රෝස පෙති ස්වල්පයක් රාත්‍රියට ජල බඳුනකට දමා පෙඟෙන්නට හරින්න. උදෑසනට පෙරා වතුර ටික වෙන්කර ගන්න. කරවිල ගෙඩි භාගය හොඳින් සෝදා ඇට ඉවත් කරගෙන කුඩාවට කපා ගන්න. ඉන්පසුව රෝස වතුර කෝප්ප කාලක ප්‍රමාණයට කපාගත් කරවිල ටික එකතු කොට සියල්ල හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.

දැන් උණුසුම් ජලය අඬු කෝප්පයකට Green Tea Bag එක දමා Green Tea එක සාදා ගන්න. එය නිවීමට මඳ වේලාවක් පසෙකින් තබන්න. ඉන් අනතුරුව රෝස වතුර සහ Green Tea එක කරවිල මිශ්‍රණයට එකතු කොට පිරිසුදු පෙනේරයක් ආධාරයෙන් සියල්ල හොඳින් පෙරා ගන්න. දැන් Ice Cubes සාදා ගන්නා ට්‍රේ එකකට මෙම මිශ්‍රණය එකතු කොට පැය 12ක් අධි ශීතකරණයේ තබා කරවිල Ice Cubes සාදා ගන්න.

භාවිත කරන ආකාරය

මෙම ඛ්භඡඥඵ සතියකට ප්‍රමාණවත් වන අතර සතියකට සෑහෙන ප්‍රමාණයකට සාදා ගන්න. සතියක් ඉක්මවා භාවිත කිරීම සුදුසු නැත. Body Wash එකක් දැමීමෙන් පසුව මුහුණ, බෙල්ල ආදී ප්‍රදේශවල සහ මුළු සිරුරටම මෙම Ice Cubes ආධාරයෙන් සියුම්ව මසාජ් කරන්න. ඉන්පසුව නැවත Body Wash හෝ සබන් ආදිය භාවිත නොකළ යුතුයි. අවසානයට සාමාන්‍ය ජලයෙන් සෝදා ඉවත් කරන්න. මෙම Ice Cubesවලින් මසාජ් කළ පසුව පැය භාගයක් පමණ තබා සේදීම කළ යුතුයි. දිනපතා ඔබට පහසු වෙලාවක පහසු ආකාරයකට සවස් යාමයකදී මෙම සත්කාරය භාවිත කළ හැකියි.

7 days Natural Body Whitening Treatment

අවශ්‍ය දේවල්

  • – හාල් පිටි මේස හැඳි 01ක්

 – කඩල පිටි මේස හැඳි 01ක්

 – කස්තුරි කහ තේ හැඳි 01ක්

 – දෙහි යුෂ ස්වල්පයක් සහ

  පිරිසුදු දෙහි පලුවක්

සාදා ගන්නා ආකාරය

පළමුව සහල් රැයක් පෙඟෙන්නට තබා හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. ඉන්පසුව කඩල ඇට 10ක් පමණ රැයක් පෙඟෙන්නට තබා උදෑසනම ක්‍රීම් එකක් ආකාරයට බ්ලෙන්ඩර් කර ගන්න. මෙම මිශ්‍රණයන් දෙවර්ගය පිරිසුදු භාජනයකට දමා එයට කස්තුරි කහ තේ හැන්දක් දමා දෙහි යුෂවලින් පැක් එකක් ආකාරයට හොඳින් අනා ගන්න.

භාවිත කරන ආකාරය

මෙය මුළු සිරුරටම අලේප කළ යුතුයි. දෑත්, දෙපා, වැළමිට, දණහිස, කිහිලි ප්‍රදේශය, බෙල්ල වටා ප්‍රදේශය වැනි අවපැහැ ගැන්වී ඇති ප්‍රදේශවල විශේෂයෙන් හොඳින් ආලේප කරගන්න.

විනාඩි 30ක් පමණ වේළෙන්නට තබා දෙහි පළුව සම මත ආලේප කරමින් ඉවත් කරගන්න. ඉන් අනතුරුව සාමාන්‍ය පරිදි ජලය යොදා සෝදා ඉවත් කළ හැකියි. මෙහිදී ඔබට අවශ්‍ය ආකාරයට ඔබගේ සිරුරට සුදුසු Body Wash එකක් භාවිත කොට සෝදා පිරිසුදු කළ හැකියි.

මෙලෙස සිරුර පිරිසුදු කළ පසු ඉතා හොඳ පැහැපත් බවක් ලැබී ඇති බව ඔබටම වටහා ගත හැකියි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ සිරුරේ වැඩිපුර අඳුරු වී ඇති ප්‍රදේශ මෙන්ම ඉකිලි කිහිලි ප්‍රදේශවල පවතින අඳුරු බව ඉක්මනින්ම ඉවත් වීමයි. අනිවාර්යයෙන්ම නොකඩවා දින 07ක් මෙය සිදුකළ යුතුයි. රාත්‍රියට හෝ උදෑසන කාලය වේවා දවසේ ඔබට පහසු වේලාවක් මේ සඳහා තෝරා ගත හැකියි.

මීකිරි ලෙමන් බොඩි පැක්

අවශ්‍ය දේවල්

දමීකිරි මේස හැඳි 02ක්

දලෙමන් යුෂ තේ හැඳි

     කාලක්

දසුදු පැහැති අවර්ණ

     දන්තාලේප තේ හැඳි 01ක්

සාදා ගන්නා ආකාරය

පිරිසුදු වීදුරු භාජනයක් ගෙන එයට මීකිරි, ලෙමන් යුෂ සහ දන්තාලේප එක්කොට හොඳින් කලවම් කරන්න.

භාවිත කරන ආකාරය,

මුළු සිරුරටම ක්‍රීම් එකක් ආකාරයට ආලේප කොට පැය භාගයක් පමණ වියළෙන්නට තබා ඔබගේ සමට ගැළපෙන Body Wash එකක් භාවිතයෙන් සෝදා ඉවත් කරන්න. සතියට එක් දිනක් පමණ භාවිත කළ යුතුයි. මීකිරි සහ ලෙමන් යුෂවල සම ස්වාභාවික ලෙසින් පැහැපත් කිරීමේ විශේෂ හැකියාවක් පවතී. එනිසා නොකඩවා දීර්ඝකාලීනව සතියකට වතාවක් භාවිත කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය.

දිනූෂා මනෝරි නිශ්ශංක

සරණි විතානගේ

ප්‍රවීණ රූපලාවණ්‍ය

ශිල්පිනි

සැලෝන් ඔහාෂා

නුගේගොඩ