ගෑස් ලබා දීමේදී ප්‍රමුඛතාව හිමිවන පිරිස ගැන අගමැති කියයි (VIDEO)

0
295

පවතින තත්ත්වය තුළ ගෑස් සැපයීමට හැකියාව පවතින්නේ තොග වශයෙන් මිල දී ගත් ගැනුම්කරුවන් සඳහා පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ අනුව රෝහල්, හෝටල් සහ ආදාහනාගාර එම කණ්ඩායම්වලට අයත්වන බව ඔහු පැවසීය.

ගෑස් මෙට්‍රික්ටොන් 3,600ක් රැගත් නෞකාවට අදාළ මුදල ගෙවීමෙන් පසු අද (ජූනි 14) බෝයාවේ සිට මුතුරාජවෙල පිහිටි ලිට්‍රෝ පර්යන්තය වෙත එම ගෑස් පොම්ප කිරීම ආරම්භ කර ඇත.

අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක හිඟ මුදල ගෙවීමට නොහැකිව දින 6ක් පුරා තල්දියවත්ත මුහුදු සීමාවේ එම නෞකාව නැංගුරම් ලා තිබිණි.

ඉන් පසුව පැමිණෙන නැව්වලින් මාස 4කට ගෑස් ලබා ගැනීමේ සැලසුමක් ඇති බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය පහතින්…