රනිල් අමෙරිකාවට කතා කරයි: අමෙරිකානු රාජ්‍ය ලේකම් රනිල්ට පොරොන්දුවක් දෙයි

0
1478

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (ජූනි 13) පස්වරුවේ අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා සමග දුරකතන සංවාදයක නිරත වී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින සාකච්ඡාවල වත්මන් තත්ත්වය අගමැතිවරයා එහිදී පැහැදිලි කර ඇත.

ශ්‍රී ලංකාව, අමෙරිකා එක්සත් ජනපදය සමග සමීප සහයෝගිතාවකින් කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවන බව ද ඔහු එහිදී වැඩිදුරට ත් සඳහන් කර ඇත.

ඇන්ටනි බ්ලින්කන් මහතා ශ්‍රී ලංකාවට සහය දැක්වීමට එකඟ වී ඇති අතර IMF සාකච්ඡා අවසන් වූ පසු ශ්‍රී ලංකාවට ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා ද එකඟ වී තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතාගෙන් ඉල්ලා සිට ඇත්තේ, ජනාධිපති ජෝ බයිඩන් වෙත සිය සුභාශිංසන පළ කරන ලෙස ය.