“ලංවිම සභාපතිට බොරු කියා ගැලවී යන්න බැහැ” – ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය

1
194

“ලංවිම සභාපතිට ජනාධිපතිගෙන් බලපෑම් ආවා. දැන් සොරි කියන්න බැහැ. වහා ම ඔහුට ධූරයෙන් ඉල්ලා අස් වන්නැයි ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් පැවසීය.

මෙරට බලශක්ති ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමාගමට දෙන්නැයි අගමැති මෝදි ජනාධිපතිට බලපෑම් කළැයි තමා කෝප් කමිටුවේදී කළ ප්‍රකාශය මානසික පීඩනය හේතුවෙන් කී දෙයක් යැයි කීම විහිළු සහගත බව ත් තමා කෝප් කමිටුවේදී පැවැසුවේ ඇත්තක් බව පවසා ඔහු සභාපතිකමින් ඉවත් වීම ගෞරවනීය බව ත් රංජන් ජයලාල් මහතා පැවසීය.

ඉන්දීය ජනාධිපති, අගමැති පමණක් නොව මෙරට ජනාධිපති, මැති ඇමැතිවරුන් පවා අදානි සමාගමේ සාක්කුවට වැටී ඇති බව ද ඔහු කීය.

සූර්ය හා සුළං බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීමට මෙරටට මුදල් හෝ ආයෝජකයන් නොමැති නම් එය විදෙස් සමාගමක් සමග ආරම්භ කිරීම තේරුම්ගත හැකි වුවත් අදානි සමාගමට ම දෙන්නේ ඇයිදැයි ජයලාල් මහතා ප්‍රශ්න කළේ ය.

එහෙයින් ලංවිම සභාපති එම්.සී.සී. ෆර්ඩිනැන්ඩු පසුගිය දා කෝප් කමිටුවේදී කළ ප්‍රකාශය සත්‍ය වන අතර එය දැන් අසත්‍ය හෝ වැරදීමක් යැයි කියා ගැලවී යා නොහැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේ ය.

ඔහු පැවැසුවේ තමා දවල්ට කා සිටියේ නොමැති බව හෝ පීඩනයකින් සිටියේ යැයි කියා මෙවැනි බරපතළ ප්‍රකාශ ආපස්සට හැරවිය නොහැකි බව ඉදිරියේදී අනෙක් නිලධාරීන් ද දැනගත යුතු බව ය.

1 COMMENT

  1. Oya ferdinand kiyana miniha palamu prakaasaya kaley ithaamath relaxed widihata, hinaa wemin. Peedanayak thibuna bawak apita penune nae, video eka YouTube eke thiyenawa parakaasayath samaga. Balanna. Deweni prakaasaya kalenam Gotabhayage thawath balapemak bawa apita waetahenawa. Maekaa aththa wasan karanna maha keppayak gahanawa, maekawa job eken panaala damanna oney. Come on COPE Chairman, make your recommendation to dismiss this foolish man.

Comments are closed.