පාප් වහන්සේ රෝගී වෙයි; විදෙස් සංචාර අවලංගු කරයි

0
1235

ලොව පුරා කතෝලික බැතිමතුන්ගේ ශුද්ධෝත්තම පියතුමන් වන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බරපතළ දණහිස් ආබාධයකින් පෙළෙන බව වාර්තා වේ.

Vatican News පුවත් සේවය වාර්තා කළේ, උන් වහන්සේගේ දණහිසේ සහ පාදයේ මතුව ඇති ආබාධ තත්ත්වයක් නිසා ජූලි මාසයේදී සැලසුම් කර තිබූ විදෙස් සංචාර කිහිපයක් කල්දමා ඇති බව ය.

ඒ අනුව, ජූලි මස 2 වන දා සිට 7 වන දා දක්වා කොංගෝ රාජ්‍යයේ සහ දකුණු සුඩානයේ සංචාරවල නිරත වීමට සැලසුම් කර තිබුණ ද, එම සංචාර කල්දමා තිබේ.

මේ සම්බන්ධයෙන් පාප් වහන්සේ කනගාටුව පළ කර තිබිණි.