ඉක්මන් ප්‍රතිඵල දෙන Whitening Body Pack වර්ග

0
142

මෙවර Her කාන්තා අතිරේකය තුළින් අප ඔබ වෙතට ගෙන එන්නේ රන්වන් පැහැති නීරෝගී දිදුලන සමක් ඉක්මනින්ම ලබා ගැනීමට අපේක්‍ෂා කරන යුවතියන් හට ඉතාම හොඳින් ගැළපෙන Whitening Body Pack වර්ග කිහිපයක් නිවෙසේදීම සාදා ගන්නා ආකාරය පිළිබඳවයි.

මෙම ර්ථීචජඬ වර්ගවල ඇති ප්‍රධානතම විශේෂත්වය වන්නේ නිතර නිවෙසින් එළියට යන, රැකියාවක නිරත වන කාන්තාවන් හට නිවෙසින් එළියට යෑමට පෙර තම සමට ඉක්මනින්ම පැහැපත් බවක් ලබාගත හැකි වීමයි.

මෙම සත්කාරයන් දිනපතා දිගුකාලීනව භාවිත කිරිම තුළ සමට අවශ්‍ය පෝෂණය මෙන්ම දිදුලන බව සැමදාටම ආරක්ෂා වන අයුරින් පවත්වාගෙන යෑමටත් ඔබට හැකියාව ලැබේ. කාර්යාල වෙත යන කාර්යබහුල යුවතියන් හට මෙම සත්කාර කිහිපයක් ඉතාම ප්‍රයෝජනවත් වේ යැයි අපි විශ්වාස කරන්නෙමු.

Whitening Body Pack

1. පරිප්පු සහ තක්කාලි යුෂ

   මිශි්‍රත බොඩි පැක්

අවශ්‍ය දේවල්

– කොටා ගත් හාල් පිටි තේ හැඳි 4ක්

– පරිප්පු තේ හැඳි 4ක්

                  (බ්ලෙන්ඩර් කොට පවුඩර්ක රගත්)

 – තක්කාලි සාමාන්‍ය ගෙඩියක           සම්පූර්ණ යුෂ

   – අර්තාපල් සාමාන්‍ය          ගෙඩියක සම්පූර්ණ යුෂ

  – දිවුල් සාමාන්‍ය ප්‍රමාණයේ      ගෙඩියක සම්පූර්ණ යුෂ

පළමුව සුදුසු Body Washඑකක් භාවිත කොට සිරුර හොඳින් සෝදා ගන්න. ඉන් අනතුරුව මැරුණු සම ඉවත් කර ගැනීමට සුදුසු Body Scrub එකක් භාවිත කළ හැකියි.

පැක් එක සාදා ගන්නා ආකාරය සහ භාවිත කරන ආකාරය

ඉහත ද්‍රව්‍ය සියල්ලම හොඳින් මිශ්‍රකර ගන්න. ඉන් පසුව සුදුසු පිරිසුදු බුරුසුවක් ආධාරයෙන් දෑත් දෙපාවල සහ තමන්ට අවශ්‍ය ස්ථානවල ආලේප කරන්න. විනාඩි 3ක් පමණ වේළෙන්නට තබා මඳ උණුසුම් ජලය භාවිතයෙන් තෙත මාත්තු කරන්න. ඉන්පසුව ඇඟිලි තුඩු ආධාරයෙන් උඩු අතට සම මත හොඳින් සියුම්ව ස්ක්‍රබ් කරන්න. ඉන් අනතුරුව සෝදා ඉවත් කරන්න. මෙම සත්කාරය දවසක් හැර දවසක් භාවිත කිරීම සුදුසුයි. එසේ නැතිනම් සතියට දෙවතාවක් කිරීමද ප්‍රමාණවත්ය.

2. සුදු සඳුන් මිශ්‍රිත බොඩි පැක්

අවශ්‍ය දේවල්

  • – සුදු හඳුන් තේ හැඳි 4ක්

– රත් හඳුන් තේ හැඳි 1ක්

– වැල්මී කුඩු තේ හැඳි 1ක්

– තේ කුඩු තේ හැඳි 1ක්

– මී පැණි තේ හැඳි 1ක්

– වියළි සමක් ඇත්නම්

  එඬරු තෙල් තේ හැඳි

  1ක්ද,

පැල්ලම් සහ ලප කැළැල් සහිත සමක් තිබේ නම් ඔලිව් තෙල් තේ හැඳි 1ක්ද, රන්වන් පැහැති සමක් අවශ්‍ය නම් කැරට් ඔයිල් තේ හැඳි 1ක්ද, පෝෂණීය සමක් අවශ්‍ය නම් ආමන්ඩ් තෙල් තේ හැඳි 1ක්ද භාවිත කළ යුතුයි. 

සාදා ගන්නා ආකාරය

ඉහත ද්‍රව්‍ය සියල්ල හොඳින් මිශ්‍ර කොට පැක් එකක් ආකාරයට සාදා ගන්න.

භාවිත කරන ආකාරය

සවස් යාමයේදී භාවිත කළ හැකි නම් වඩාත් සුදුසුයි. පළමුව සුදුසු Body Wash එකක් භාවිතයෙන් සිරුර හොඳින් පිරිසුදු කර ගන්න. ඉන් අනතුරුව වියළුණු සම මත සාදා ගත් පැක් එක සුදුසු බුරුසුවක් ආධාරයෙන් ආලේප කරන්න. දැන් එය විනාඩි 30 – 40 පමණ වේළෙන්නට තබා සාමාන්‍ය පරිදි සෝදා ඉවත් කරන්න.

3. මුං ඇට මිශි්‍රත Body pack

අවශ්‍ය දේවල්

දමුං ඇට කෝප්පයක්

   පමණ (බ්ලෙන්ඩර් කර ගත්)

 – යෝගට් තේ හැඳි 4ක්

  – මී පැණි තේ හැඳි 2ක්

භාවිත කිරිමේදී අනුගමනය කළ යුතු උපදෙස්

උදෑසනට ආලේප කළ හැකියි. ඉතාම සරලව භාවිත කළ හැකි මෙම පැක් එක ඉක්මනින් සහ ඉතාම පහසුවෙන් සාදාගත හැකියි. උදෑසන කාලයට නිවෙසින් එළියට යන යුවතියන් හට, කාර්යාලය වෙත යන, විශේෂ උත්සව අවස්ථාවන්ට සහභාගි වන යුවතියන්ට, සුන්දර දිදුලන පැහැපත් සමක් ඉක්මනින්ම ලබා ගැනීමට මෙම සත්කාරය ඉතාම සුදුසුයි.

සාදා ගන්නා ආකාරය දැන් අපි බලමු

පළමුව මුං ඇට ටික හොඳින් සෝදා බ්ලෙන්ඩර් කප් එකට දමා ගන්න. එයටම යෝගට් තේ හැඳි 4ක් සහ මී පැණි තේ හැඳි 2ක් එක්කොට සියල්ල හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න.

භාවිත කරන ආකාරය

පෙර සඳහන් කළ පරිදි ඔබ නිවෙසින් එළියට යනවා නම් මෙම පැක් එක ඉක්මනින්ම සකසා ගත හැකියි. මෙම පැක් එක ආලේප කොට විනාඩි

30 – 40ක් පමණ සම මත තබා සෝදා ඉවත් කරන්න.

4. කඩල පිටි, කස්තුරි කහ මිශ්‍ර  Body Pack

අවශ්‍ය දේවල්

– කඩල පිටි තේ හැඳි 4ක්

– මුදවපු කිරි තේ හැඳි 2ක්

  • – කස්තුරි කහ හැඳි 1 – 2ක්

සාදා ගන්නා ආකාරය

පෙර පරිදිම ඉහත ද්‍රව්‍ය සියල්ල හොඳින් මිශ්‍ර කොට පැක් එක සාදා ගන්න.

භාවිත කරන ආකාරය

මෙම පැක් එකත් උදෑසන ආලේප කිරීම වඩාත් සුදුසුයි. නිවෙසින් එළියට යෑමේදී සමට දිදුලන, පැහැපත් බවක් ඉක්මනින්ම ලබා ගැනීමට අවශ්‍ය නම් මෙම පැක් එකත් ඔබටත් අත්හදා බැලිය හැකියි.

මෙම සත්කාරයන් සතියට දින දෙකක් හෝ දවසක් හැර දවසක් භාවිත කළ හැකි නම් ඉතාම සුදුසුයි. එමඟින් ඉක්මනින් ප්‍රතිඵල ලබාගත හැකියි.

05. Full Body Treatment

අවශ්‍ය දේවල්

– ගස්ලබු කැබැල්ලක්

                  (හොඳින් ඉදුණු)

– සුදු හඳුන් තේ හැඳි 02ක්

 – මී පැණි තේ හැඳි 02ක්

  – ආමන්ඩ් තෙල් තේ හැඳි

     02ක්

   – කස්තුරි කහ තේ හැඳි

                  භාගයක්

– කෝමාරිකා ජෙල් තේ

                  හැඳි 01ක්

  – ලෙමන් යුෂ ස්වල්පයක්

සාදා ගන්නා ආකාරය

ඉහත ද්‍රව්‍යය සියල්ල පිරිසුදු භාජනයකට දමා හොඳින් මිශ්‍ර කර ගන්න.

භාවිත කරන ආකාරය

මෙසේ සාදාගත් පැක් එක ශීතකරණයේ එක් රැයක් තබා උදෑසනට ආලේප කළ යුතුයි. Face wash ක්ලෙන්සර් භාවිත කිරීමෙන් අනතුරුව මෙම Pack එක ආලේප කරන්න. විනාඩි 20ක් තබා සෝදා ඉවත් කරන්න. මෙම සත්කාරය මුහුණ සහ මුළු සිරුරේම ආලේප කළ හැකිය. දිනපතා හෝ දිනක් හැර දිනක් භාවිත කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලබාගත හැකියි.

මෙම සියලුම සත්කාරයන් නොකඩවා මාස කිහිපයක් සිදුකිරීම තුළින් රන්වන් දිදුලන සමක් ඔබටත් ලබා ගත හැකියි. විශේෂයෙන්ම මුළු සිරුරම එකම පැහැයකින් පැහැපත් කර ගැනීමටත් මෙම සත්කාර ඉතාම සුදුසුයි.

දිනූෂා මනෝරි නිශ්ශංක