සුළං බලාගාරය ඉන්දියාවට දීම පිටුපස රහස් කතා: CEB සභාපති කලින් කී දේ වෙනස් කරයි (VIDEO)

0
250

කෝප් කමිටුවේදී තමා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා එම කමිටුවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

එමගින් ඔහු සඳහන්කර ඇත්තේ, කෝප් කමිටුවේදී තමා විසින් සිදු කරන ලද පැහැදිලි කිරීමේදී තිබූ පීඩනය හේතුවෙන් තමන් හැඟීම්බර වූ බව ත් එහිදී තමන් සිදු කළ “ඉන්දීය අගමැති බලකර බව කිව්වා” යන ප්‍රකාශය සම්පූර්ණයෙන් වැරදිසගහත බව ය.

ඒ හේතුවෙන් තමන් එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බව ත් ඔහු කොන්දේසි විරහිතව තමන් සමාව ඉල්ලා සිටින බව ත් ඔහු එහි සඳහන් කර ඇත.

කෝප් කමිටුව හමුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා මෙසේ ප්‍රකාශ කර තිබිණි.

“ජනාධිපතිතුමා පසුගිය නොවැම්බර් 27 වන දා වගේ මාව ගෙන්වලා කිව්වා.. මේ අදානි සමාගමට දෙන්න මේක. ඉන්දීය අගමැති මෝදි මට බල කරනවා මේක දෙන්න කියලා කියනවා කියලා. පස්සේ මම ඒ වෙලාවේ කිව්වා.. මේක මටවත් විදුලිබල මණ්ඩලයටත් අයිති ප්‍රශ්නයක් නෙවෙයි.. ආයෝජන මණ්ඩලයට අයිති ප්‍රශ්නයක් කියලා.

ඒ හින්දා මම ලියුමක් ලියලා දැම්මා.. මට මෙහෙම ජනාධිපතිතුමා නියෝග දෙනවා කියලා. මුදල් අමාත්‍යංශ ලේකම් කිව්වා මේක ඔහෙන් කරගන්න… මේක විදුලිබල මණ්ඩලයට අයත් ප්‍රශ්නයක් නෙවෙයි කියලා.”

මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණේ, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ සිදුකළ ප්‍රකාශය තමා තරයේ ප්‍රතික්ෂේප කරන බව ය.