අද ප්‍රදේශ කිහිපයකට වැසි

0
363

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ත් අද (ජූනි 11) වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේ ත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල ත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසීය.