මහණෙනි! ආර්ය වූ  සෙවීම කුමක්ද?

0
70

අනෙක් කොටස නම් “තක්කිවිමංසි” එනම් තර්කය මුල්කොටගෙන ඥානය වඩා වර්ධනය කරගත් පිරිසයි. මජ්¿ධිමනිකායේ සන්දක සූත්‍රයෙහි ඔවුන් මෙම “තක්කිවිමංසි” යන නාමයෙන් හඳුන්වා දී ඇති බව පෙනේ. ඉන්ද්‍රිය හෝ අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් තොරව තර්කයෙන් හා අනුමානයෙන් පමණක් ඥානය ලබාගත් පිරිස මෙම ගණයට අයත් වේ.

කෙසේ නමුත් තථාගතයන් වහන්සේගේ දේශනාව වන්නේ නම් තර්කයෙන් නිවැරදි ඥානයක් ලබාගැනීමට නොහැකි බවයි. ඒ බව මජ්¿ධිමනිකායේ සන්දක සූත්‍රයේ කරුණු කිහිපයක් දක්වමින් පැහැදිලි කර ඇත.

1 සුතක්කිතම්පි හෝති – මනාව තර්කයෙන් ලබා ගත් නිවැරදි දැනුමක් විය හැකිය

2 දුත්තක්කිතම්පි හෝති – වැරදි ලෙස තර්කයෙන් ලබාගත් වැරදි දැනුමක් විය හැකිය

3 තථාපි හෝති – තර්කයෙන් ලබාගත් දැනුම සත්‍ය විය හැකිය

4 අඤ්ඤථාපි හෝති – තර්කයෙන් ලබා ගත් දැනුම අසත්‍ය විය හැකිය.

(මජ්¿ධිමනිකාය, 2006 සන්දක සූත්‍රය)

කාලාම සූත්‍රයේ මෙම ‘තක්කිවිමංසි’ ගණයට අයත් වන කොටස් කිහිපයක් හ¾දුනා ගත හැකිය. තක්කහේතු,ණය හේතු, ආකාර පරිවිතක්ක, දිට්ඨි නිජ්ඣක්කන්ති වශයෙනි.

බුද්ධකාලීනව ඥානය ලබාගැනීමට උත්සුක වූ පිරිස අතර සම්ප්‍රදායවාදීහු යනු ශ්‍රැතිය, සම්ප්‍රදාය, වේදය පාරම්පරිකව අගය කළ ඥානය ලබා ගැනීමට ප්‍රාමාණික බව විශ්වාස කළ පිරිසයි. වේදයේ අධිකාරය පිළිගත් බමුණන් ප්‍රධාන ලෙස මේ කොටසට අයත්ය. දෙවැනි කොටස වන බුද්ධිවාදීහු යනු තර්කය හා අනුමානය ඥාන මාර්ගය කරගත් මොවුන් විමංසනයට විචාර බුද්ධියට මුල් තැන දෙමින් ගතානුගතික බව ප්‍රතික්ෂේප කළ පිරිසයි. උපනිෂද් මුනිවරු මෙහි ප්‍රධාන වේ. කාලාම සූත්‍රයේ වූ කාලාමයන්ට බුදුරජාණන්වහන්සේ පැවැසුවේ ශ්‍රැතිය හා තර්කය ඥාන මාර්ග ලෙස ගත නොහැකි බවයි.

ඊට හේතුව ලෙස උන්වහන්සේ දැක්වූයේ එම ඥාන මාර්ග සත්‍ය හෝ අසත්‍ය යන කොටස් දෙකකින් යුක්ත විය හැකි නිසාය. අනුභූතිකවාදීහු යනු මිනිසා හා ලෝකය පිළිබඳව ඥානය ලැබිය හැක්කේ ඉන්ද්‍රීය ඥානයෙන් පමණක් බව විශ්වාස කළ පිරිසයි. ආජීවක, සංශය හා භෞතිකවාදීන්ද මීට අයත්ය. කෙසේ වුවත් බුදුරදුන් ප්‍රකාශ ඥාන මාර්ගයේ ස්වභාවය අංගුත්තරනිකායේ කාලාම සූත්‍රයෙහි මෙම ප්‍රකාශයෙන් යම් අවබෝධයක් ලබාගත හැකිය. “යම් ධර්මයක් පිළිබඳ පෞද්ගලික වශයෙන් සත්‍යක් සකල දැකගත් දැනගත් විශිෂ්ට ඥානයක් සතුව සිටින යම් මහණ බමුණු කෙනෙක් වූවේද තමන්ද ඔවුන් අතරින් කෙනෙකි”

(අංගුත්තර නිකාය, 2006, කාලාම සූත්‍රය)

ශ්‍රැතිය, තර්කය, අනුභූතිය අතුරෙන් බුදුරදුන් අයත් වන්නේ කුමන කොටසට දැයි විමසා බැලීමේදී අනුභූති ඥාන මාර්ග ස්වරූපයක් උසුලන බව ඉහත කාලාම සූත්‍ර උපුටා ගැනීමෙන් පෙනුණද බුදුදහම යනු සම්පූර්ණ අනුභූතිවාදයක් නොවේ. එහෙත් එහි අනුභූතිවාදී ලක්ෂණ දැකගත හැකිය. එම ප්‍රකාශයෙන් වැඩිදුරටත් පෙනෙන්නේ යම් ධර්මයක් තමන් වහන්සේගේ පෞද්ගලිකව ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කොට විශිෂ්ට ඥානයක් ඒ තුළින් අවබෝධ කරගත් බවයි. බුදු දහමෙහි ඥාන මාර්ගයේ සුවිශේෂත්වය වන්නේද මෙම කරුණයි. තමන්ම ඥානය ලැබීම සඳහා උපයෝගි කරගනු ලබන ක්‍රමවේදය තමන්ගේම

අත්දැකීමක් බව තමන්ටම හඳුනා ගැනීමට හැකිවීමයි. බුදු දහමේ ඥාන මාර්ග ගමන් මඟෙහි සුවිශේෂ බව හා එය කොපමණ ප්‍රායෝගික වැඩපිළිවෙළක්ද පුද්ගලයා විෂයෙහි එය තුළින් ඉතා ඉක්මනින් ඵල නෙළා ගැනීමට ඇති හැකියාවද විවිධ සූත්‍ර කේන්ද්‍රකොට ගෙන සාකච්ඡා කිරීමේදී මනාව පෙනේ. මෙම බුදුරදුන් පැහැදිලි කළ ඥාන මාර්ගය පොදුවේ එක් පුද්ගලයකුට හෝ අන් කිසිවකුගේ විනිශ්චයකින් ලද හැකි දෙයක් නොව තමන් කේන්ද්‍ර කරගෙන පොදු වශයෙන් සෑම දෙනකුටම ලබාගත හැකි, ප්‍රත්‍යක්ෂ කළ හැකි මඟක් බවයි.

බුදුදහමේ පැහැදිලි වන ඥාන මාර්ගය සැකසී ඇති ආකාරය අධ්‍යයනය කළ විට ඒ තුළින් කොටස් දෙකකින් යුතු බව හ¾දුනා ගත හැකිය.

1 ඉන්ද්‍රිය ඥානය හෙවත් ලෞකික ඥානය

2 අතීන්ද්‍රීය ඥානය හෙවත් ලෝකෝත්තර ඥානය වශයෙනි.

බුදු දහම තුළ ඥානය මෙම දෙයංශයම සාධනය පිණිස හේතු වෙයි. ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂය ප්‍රතික්ෂේප නොකරන බුදු දහම ලෝකෝත්තර වශයෙන් ලබන ඥානය ලැබීමට එමඟින් දායකත්වය ලැබෙන ආකාරය පෙන්වා දෙයි. එහෙත් එම ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය කරා රැගෙන යෑමට උපදෙස් ලබාදෙන අතර එය විමුක්තිය ලැබීමට අවශ්‍ය බව දක්වා ඇත. මෙම ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය අගය කර ඇති ආකාරය මජ්ක්ධිමනිකායේ දක්නට ලැබෙන චුල්ලහත්ථිප‍ෙදා්පම සූත්‍රයෙන් මනාව පෙනේ.

එහිදී ඇත්තඩිය මූලික කරගෙන කරන ලද දේශනාවෙන් ඇතා දැක ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් සනාථ වනතුරු නිගමනයකට එළඹිය නොහැකි බව දක්වමින් කරුණු දක්වා ඇත. මජ්¿ධිමනිකාය, 2006, චුල්ලහත්ථිප‍ෙදා්පම සූත්‍රය) මෙලෙස ක්‍රමානුකූලව ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කේන්ද්‍ර කරගෙන ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් ඥානය ලබාගත හැකි බව පැහැදිලි කරන බුදු දහම ඉන්ද්‍රියන් දියුණු කිරීමෙන් අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ මඟින් පුද්ගලයා ඉතාම පරිපූර්ණ ඥානයක් කරා පැමිණීමට හැකි බව පෙන්වා දෙනු ලබයි. චුල්ලහත්ථිප‍ෙදා්පම සූත්‍රයේ සේම මජ්¿ධිමනිකායේ මහාහත්ථිප‍ෙදා්පම සූත්‍රය තුළින් ඥානය බිහිවීම සඳහා කරුණු දක්වා ඇත. එහි පෙන්වා දෙන ආකාරයට සැමවිටම ඥානය බිහිවීමට මානසික සංයමය හා අවධානය ඉතා වැදගත් බව හඳුනාගත හැකිය. එහි ඥානය බිහිවීමට අවශ්‍ය කරුණු කිහිපයක් දක්වා ඇත.

1 ඇස්,කන් ආදී ඉන්ද්‍රියන් අවිකලව නිරෝගීව තිබීම

2 රූපාදී අරමුණු එම ඉන්ද්‍රියන්ට විෂය වීම

3 එම අරමුණු වෙත මානසික අවධානය යොමු වීම වශයෙනි

(මජ්¿ධිමනිකාය, 2006, චුල්ලහත්ථිප‍ෙදා්පම සූත්‍රය)

ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන්ම ලබාගන්නා ඥානය සීමා සහිතය එහෙත් ඉහත ප්‍රකාශනයට අනුව පෙනෙන්නේ ඥානය ලබාගැනීමට ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයේ උපයෝගීතාවයි. පුද්ගලයාට නිරෝගී බවක් නොමැති නම් “දුර්ලභා ක්ෂණ සම්පත්ති” යන බුදු වදනට අනුව දුර්ලභ වූ ක්ෂණ සම්පත්තියක් නොමැති නම් අතින්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් පරිපූර්ණ ඥානයක් ලබාගැනීමට අපොහොසත් වන ආකාරය මනාව පෙනේ.

ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය බෞද්ධ ඥාන විභාගයේදී පරිපූර්ණ වූවක් බව පිළිනොගනී. එම නිසා ඥානය සීමා වීමට ඉහත කරුණුවල බලපෑමක් ඇතිවිය හැකිය. අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය බෞද්ධ ඥානවිභාගයේ පරිපූර්ණ ඥානයයි. එම නිසා මෙම මහාහත්ථිප‍ෙදා්පම සුත්‍රයෙහි දක්වන කරුණුවලින් යමකු යුක්ත වීම ඥානය ලැබීමට බාධාවක් විය හැකිය. මෙම අතින්ද්‍රිය ප්‍රත්‍යක්ෂය ලබාගන්නේ

භාවනාව මූලික කොටගෙනය. භාවනාව මඟින් අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ කරා පුද්ගලයා රැගෙන යන අතර එමඟින් පරිපූර්ණ ඥානයක් ඇති කරවීමට සමත් වේ. බුද්ධකාලීන සමාජයේ වුව දිබ්බචක්ඛු, දිබ්බසෝත, පුබ්බේනිවාසානුස්සති වැනි ඥානයක් ලබා තිබුණේ එහි ප්‍රතිඵලය නිසාය.

බුදු දහමේ ඥානය ලබාගැනීම ඉතාම ක්‍රමානුකූලව කළ යුත්තකි. බෞද්ධ ඥාන මාර්ගයේ ඒ ක්‍රමවේදය ඉතාම පැහැදිලිව ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි දක්වා ඇත. සම්මා දිට්ඨි නම් මාර්ගංගය මුලින් යෙදී ඇති අතර එමඟින් බලාපොරොත්තු වන්නේද නිවැරදි දැකීමයි. එනම්, දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මඟ යන චතුරාර්ය සත්‍යය දැකීම, ඒ පිළිබඳව සැක දුරු කිරීම යන කරුණු එමඟින් බලාපොරොත්තු වන බව පෙනේ. (සංයුක්ත නිකාය, 1982, ධම්මචක්කපවත්තන සූත්‍රය) මෙම සම්මා දිට්ඨිය ඇතුළු අනෙක් සියලු මර්ගාංග තුළින් බලාපොරොත්තුව වන්නේ පුද්ගලයා ක්‍රමානුකූල ඥාන මාර්ගය වෙත යොමුකිරීමයි.

ඉහත සියලු කරුණු තුළින් අවධානය යොමු කරන්නට යෙදුණේ බුදු දහමේ ඥානයට හිමි අද්විතීය ස්ථානයයි. බුදුදහමේ ඥානයේ ලක්ෂණය ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය මඟින් ඥානය ලබාගෙන අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය හරහා පරිපූර්ණ ඥානයක් ගොඩනඟා ගැනීමයි. මෙම සියලු කරුණුවලින් පෙනෙන්නේ බෞද්ධ දර්ශනයෙහි ඥානවිභාගය තුළ අතින්ද්‍රිය ප්‍රත්‍යක්ෂයට ප්‍රධාන තැනක් ලැබෙන බවයි. මෙම තත්ත්වය මෙලොව දීම ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගත යුතු තත්ත්වයකි.

ඇඹව ශ්‍රී සුදර්මාරාම කණුකැටිගෙදර ශ්‍රී පුෂ්පාරාම උභය විහාරාධිපති, විද්‍යා විනෝද මහා පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේණාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය ඉරුදෙණියායේ සිරිරතන හිමි