දෙපා පණ නැතිව වසර 5ක් දුක් වින්ද රෝගියකු සුවපත් කළ විස්කම

0
201

ශරීරයේ හට ගන්නා එක් රෝගකාරක වෙනසක් නොතකා හැරීම නිසා මුළු ජීවිත කාලයම විඳවන්නට වූ රෝගීන් බොහෝමයක්. අප වෙත පැමිණි, බොහෝ අය පරීක්ෂා කර බැලූ විට මෙම තත්ත්වය වටහාගත හැකි වීම විශේෂයක්. එහෙත් රෝගියා නොකියන, එහෙත් සැඟවුණු රෝග තත්ත්වයන්, ඉසිවර නුවණින් මෙන්, සියුම් පරීක්ෂාවෙන් වටහා ගන්නා වූ ඉසිවර වෙද පරපුරක් අනාගතයට උරුම කර ගිය වෛද්‍ය ශාස්ත්‍රයක් අප රටේ තවමත් නොනැසී පැවැතීම භාග්‍යයක්.

ඇතැම් රෝගීන් තොරතුරු සඟවා වෙනත්, තමන්ට දැනෙන දේ කියමින් රෝගය බරපතළකම සඟවන්නට උත්සාහ දරනවා. එය නොකළ යුත්තක්. වෛද්‍යවරයා යමක් විමසන්නේ මුලක් පාදා ගන්නට වුණත් රෝගියා පවසන ශරීරයේ වූ වෙනස්කම් නොකියා සිටීමෙන් වන්නේ වෛද්‍යවරයාට නිශ්චිතව අහවල් ප්‍රතිකාරයෙන් පටන්ගත යුතු යැයි නිගමනය කළ යුතු වන ප්‍රතිකාර කිරීම පමා වීමයි.

පුරාණ ආචාරින් වහන්සේලා අනුදැන, දැහැන්ගතව, ප්‍රායෝගිකව අත්හදා බැලූ හෙළ වෛද්‍ය ශාස්ත්‍රයට අනුව කිසිවකුට බොරු කරන්නට බැහැ. “ත්‍රිංසත්භිසංග”යෙහි එය සඳහන් වන්නේ මෙහෙමයි.

“දූත ලක්ෂණ ණෛමිත්‍යම් – අංගස්වප්න මරිෂ්කටම් ආරෝග්‍ය විපරිතංච හිස භෛෂජ මාතුරම් පරිවාරසම්පත්ති – ව්‍යාධි ප්‍රකෘති ස්ථාන කා දෙස කාලවයො දෙහසත්ව – සාත්මික ලක්ෂණම් රස‍ෙදාස ස්වභාවඤ්ව – සර්ව‍ෙදාස සමුද්භවම් තථෛව ‍ෙදාස සමනම් – ත්‍රිවිධ ව්‍යාධි ලක්ෂණම් අමාග්නි බල මදානම් – නිද්‍රන පූර්ව හෙතුංච ත්‍රිදසංගානි ච – හිසක් ද්‍රිෂ්ට වා කර්ම සමාචරෙත්”

මෙහි සරල අරුත හැටියට දැක්වෙන්නේ මෙහෙමයි…

“දූත ලක්ෂණය ද, නිමිති ලක්ෂණය ද, අංග ලක්ෂණ ද ස්වප්න ලක්ෂණය ද, අරිෂ්ට ලක්ෂණය ද, ආරෝග්‍ය ලක්ෂණය ද, විපරීත ලක්ෂණය ද, භිසක් සම්පත්තිය ද, භෛෂජ සම්පත්තිය ද, ආතුර සම්පත් ද, පරවාරික සම්පත් ද, ව්‍යාධි ලක්ෂණ ද, ප්‍රකෘතිය ද, ස්ථානගත ව්‍යාධි ද, දේශගුණ ද, කාලගුණ ද, වායෝ ලක්ෂණය ද, දේහ ලක්ෂණයද, සත්ව ලක්ෂණයද, සාත්මික ලක්ෂණය ද, ‍ෙදාෂ ස්වභාවදය ද, සියලු දෝෂයන්ගෙන් උද්ගමනයද, එසේම දෝෂ සමනය ද තුන් ප්‍රකාර වූ ව්‍යාධි ලක්ෂණයද, අඹල ද, අග්නි බලය ද, ආද්‍රණ ලක්ෂණ ද, නිද්‍රණ ලක්ෂණ ද, පූර්ව හේතු ලක්ෂණ ද යන මේ තිස් අංගයන් බලා වෛද්‍යවරයා භෛෂජ්ජ කර්මයෙහි හැසිරෙන්නේය”

අප වෙත ගෙන එනු ලබන බොහෝ අංශභාග රෝගීන්ට සුව සහනය ලැබෙන්නේ නිවැරැදිව රෝග ලක්ෂණ වටහා ගන්නා නිසයි. රෝගියා දක්වන කරුණු වගේම රෝග ලක්ෂණ ඔස්සේ අංශභාග තත්ත්වයට පත් වූ හේතුවත්, එය සුව කළ හැකි ආකාරයත් අප වටහා ගන්නේ සැණින්. නිල පරීක්ෂාව මෙහිදී ඉතා වැදගත් කාරියක් ඉටු කරනවා. ඉන්පසු තමයි ඔසු යොදා අසවල් ආකාරයට ප්‍රතිකාර කළ යුතු වග තීරණය කරන්නෙ.

අප වෙත රැගෙන ආ එක් රෝගියකුට වයස අවුරුදු 60කි. ඔහුට වයස 50දී දෙපා අප්‍රාණික වෙලා. ඇවිද ගන්න බැරිවයි ගෙනාවෙ. ඔත්පළ වූ හේතුව අප සොයා ගත්තෙ ඔහු ලොරි රථ රියැදුරකුව සිටියදී යම් අනතුරකින් වූ හානියක්. ස්නායුගතව දෙපා වෙත ගමන් ගන්නා ලේ නහර අක්‍රිය වෙලා තිබුණා. බටහිර වෙදකමෙන් සුවකර ගෙන තිබුණත් ඔහු අංශභාග තත්ත්වයට පත් වුණේ නිසි ප්‍රතිකාරය ස්නායු ආබාධ ඇති නොවන ආකාරයට සිදුව නොතිබුණු නිසයි. ඔහු වසර 5ක් දුක් විඳ තිබුණත් අප වෙත පැමිණ ඉතා කෙටි කාලයකින් රෝගියාගේ දෙපාවලට පණ දුන්නා. ඉපැරණි ඔසු වට්ටෝරු හා සම්බාහනයන් හා සිරුරට දුන් බලගතු ඔසු නිසාවෙන් අද ඔහු පූර්ණ සුවයට පත් වූ කෙනෙකි.

කලින් විමසා ඔබට පහසු ලෙස වෛද්‍ය ප්‍රතිකාර ලබාගත හැකි තැන් මෙහෙමයි. (අඟහරුවාදා අතුරුගිරිය, බදාදා නිට්ටඹුව, සිකුරාදා රත්නපුර, සෙනසුරාදා මහනුවර අඹතැන්න – ඉරිදා මහනුවර අඹතැන්න)

සුලක්ඛන ජයවර්ධන

වෛද්‍යාචාර්ය,

ජයන්ත බණ්ඩාර

අංකුඹුර,

රාමකොටුව

072-4464957

071-6080849