තිබෙන නිරෝගිකමත් බිංදුවටම  බස්සන පුහුමත

0
690

බොරු කතා නිසා දාගන්න ලෙඩ

සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට අකමැති කවුද? කාගෙත් සිහිනය තමයි ශක්තිමත් හා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් ජීවිතය ගෙවා දැමීම. මේ තාක්ෂණික ලෝකයේදී මිනිසාට ඒ සියලු දේ අතැඹුලක් බවට පත්වෙලා තිබෙනවා වුණත් සෞඛ්‍ය කියන එක බෙහෙවින්ම පිරිහිලා ගිහින් තිබෙනවා. මේ සියලු දේ සමඟම සෞඛ්‍යය තුළ විශාල වශයෙන් මිථ්‍යාවන් රාශියක්ද බිහිවෙලා තිබෙනවා. අද අපි ඒ පිළිබඳව විමසා බලමු. ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ කියනවා වගේ වැඩිපුර සෞඛ්‍ය සම්පන්න වෙන්න දඟලන එකත් හොඳ නෑ.

යෝගාවලින් සියලු වේදනා සුව කරයි.

හාවඩ් වෛද්‍ය විද්‍යාලය ආතරයිටිස්, ෆයිබේ‍රාමියල්ජියා, යටි කොන්දේ වේදනාව සහ තවත් බොහෝ රෝග සඳහා වේදනා සමනය කරන්නක් ලෙස යෝගා ව්‍යායාම නිර්දේශ කරනවා. අපිට යෝගා මතක් කළ පමණින් සිහියට නැඟෙන්නේ යෝගා යනු මෘදු, විවේකී ව්‍යායාමයක් ලෙසය. ඇත්තම කතාව යෝගා කිරීම ඕනෑම රෝගයක් සඳහා උචිත දෙයක් නොවෙයි. ඇතැම් විට යෝගා නිසාවෙන් නිදන්ගත රෝග නරක අතට හැරිය හැකිය. යෝගා බොහෝ තත්ත්වයන් සඳහා නිර්මාණාත්මක ව්‍යායාමයක් විය හැකිය. නමුත් එය සෑම කෙනකුටම සුදුසු නොවේ යැයි පැලින්ස්කි වේඩ් පවසනවා.

ඔබ සන්ධි වේදනාවකින්, කොන්දේ වේදනාවකින් හෝ තුවාලයකින් පෙළෙනවා නම්, ඔබට වඩාත් ආරක්ෂිත කුමන ආකාරයේ ව්‍යායාමයක්ද යන්න තීරණය කිරීමට පළමුව ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගැනීම අනිවාර්ය බව වේඩ් පවසනවා. මීට අමතරව, ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විකලාංග සඟරාවේ (Orthopaedic Journal of Sports Medicine) පර්යේෂණයට අනුව, ඔබට කිසිදු ලෙසකින් හෝ රෝගයක් නොමැති වුවද දැඩි සෞඛ්‍ය තකා යෝග ව්‍යායාම සිදු කිරීම ජීවිතයට හානි මෙන්ම අහිතකර බවද ඔවුන් පෙන්වා දෙනවා.

සික්ස් පැක් ඇති උදරය සෞඛ්‍ය සම්පන්නයිද?

සික්ස් පැක් ඇති උදරයක් යනු ඉතා නිරෝගිමත් මෙන්ම අලංකාර සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක් වීමේ සිහිනයේ අවසාන ඉලක්කයකි. නමුත් ඇත්ත වශයෙන්ම මෙම සික්ස් පැක් මාංස පේශී දැකීමට හැකිවීම මඟින් අදහස් කරන්නේ ඔබේ උදරයට ප්‍රමාණවත් තරම් මේදය නොමැති බවය.  එබැවින් එය සෞඛ්‍ය සම්පන්න ඉලක්කයක් නොවේ. විශේෂයෙන්ම කාන්තාවන් සඳහා සික්ස් පැක් තිබීම සුදුසු දෙයක් නොවේ.

ඔබට සික්ස් පැක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය නම් ඔබේ ශරීරයේ මේද මට්ටම ඉතා අමාරුවෙන් ඉවත් කළ යුතුය. සමහර පුද්ගලයන්ට, විශේෂයෙන්ම කාන්තාවන්ට, ශරීරයේ මේදය අඩු ප්‍රමාණයක් තිබීම සෞඛ්‍යයට අහිතකර විය හැකිය. ශරීරයේ මේදය ඉතා අඩු වූ විට ඇමෙනෝරියා හෝ ඔසප් වීම් චක්‍රයේ ව්‍යාකූලතා ඇතිකරයි. එය ඔස්ටියෝපොරෝසිස් අවදානම වැඩි කිරීමට සහ ප්‍රජනක සෞඛ්‍යයට බලපෑම් කිරීමට ප්‍රබල හේතුවක් වේ.

කෙට්ටු මිනිස්සු සෞඛ්‍ය සම්පන්නයිද?

සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක් පවත්වාගත යුතු අපේක්ෂිත බරක් ඇත. එය කිසිදු ලෙසකින් හෝ බලෙන් පවත්වාගත යුත්තක් නොවේ. අධික ලෙස කෙට්ටු වීම යනු නිරෝගී බව නොවේ. කෙට්ටු පුද්ගලයකුට වුවත් නිසි සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා නොගැනීම හේතුවෙන් හෘද රෝග හෝ පරිවෘත්තීය සින්ඩ්‍රෝමය ඇතිවීමේ අවදානම වැඩි විය හැකිය.

තරමක් බරින් වැඩි පුද්ගලයකුටත් ඉතා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් හෝ නිතිපතා ව්‍යායාමය කිරීම හේතුවෙන් රෝග අවදානම අඩු කරගත හැකියි. ප්‍රමාණවත් පෝෂ්‍ය පදාර්ථ ලබාගැනීම සහ ව්‍යායාම කිරීම වැනි වෙනත් සාධක සැලකිල්ලට නොගෙන බර අඩු කරගැනීම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සඳහා උචිත දෙයක් නොවෙයි. සිරුර සිහින් හෝ ස්ථුල වූ පමණින් මිනිසෙක් සෞඛ්‍ය සම්පන්න වන්නේ නැත.

කාන්තාවන්ට වඩා පිරිමින්ට හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩියි.

අපි බොහෝවිට හෘද රෝග පිරිමින්ගේ ගැටලුවක් විදිහට හිතන්න නැඹුරුවෙලා  තිබෙනවා. නමුත් හෘද රෝග යනු පිරිමි සහ ගැහැනු යන දෙඅංශයටම එක ලෙස මරණය ළඟා කර දෙන්නකි. ඇමෙරිකානු හෘද රෝග සංගමය කළ සමීක්ෂණයකින් හෙළි වූයේ බොහෝ කාන්තාවන් හෘද රෝග සඳහා පෞද්ගලික අවදානමක් ඇති බව නොසලකාහරින බවයි. ඇත්තටම කාන්තාවන්ට හෘදරෝග වැලඳීමේ අවදානමක් නැද්ද? එය සත්‍යයක් නොවේ.

බොහෝ කාන්තාවන්ගේ සෞඛ්‍ය ජීවිතය හා හෘදය බැඳී පවතී. නමුත් කාන්තාවන් බොහෝවිට සැලකිල්ලක් දක්වන්නේ පියයුරු සහ ප්‍රජනක සෞඛ්‍යය ආදී දේ ගැන පමණි. ඔවුන්ගේ අවධානය සැබැවින්ම කනස්සලු සහගත නොවේද. ඇමෙරිකානු වෛද්‍යවරියක වන මේතා මේ පිළිබඳව අධ්‍යයනය කළේය. ඇමෙරිකානු  සී.ඩී.සී ආයතනයෙහි දත්ත භාවිත කරමින් ඇමෙරිකානු හෘද සංගමයේ මෑත ප්‍රකාශනයක 400,000කට ආසන්න මරණ ප්‍රමාණයක් හෘදවාහිනී රෝගවලින් සහ 41,000 පියයුරු පිළිකා හේතුවෙන් සිදුවිය.

ඇමෙරිකානු හෘද සංගමයේ සමීක්ෂණයේදී, අධි රුධිර පීඩනය හෝ අධික කොලෙස්ටරෝල් වැනි වෙනත් සාධකවලට වඩා කාන්තාවන්ගේ බර කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇත. ඇත්ත වශයෙන්ම හෘදයාබාධයකින් පසු කාන්තාවන් පිරිමින්ට වඩා අවදානමට ලක්විය හැකි බව ඇමෙරිකානු හෘද සංගමයේ නිගමනයයි. PLOS One සඟරාවේ 2017 අධ්‍යයනයකට අනුව, හෘදයාබාධයක් වැලඳීමෙන් පසුව වසරක කාලයක් ගත වූ විට පිරිමින්ට වඩා කාන්තාවන් මියයෑමට වැඩි ඉඩක් ඇති බව ඔවුන් පවසන අතර, හෘදයාබාධ නිසා සිදුවූ කාන්තා මරණ සංඛ්‍යාව වැඩිව ඇති බවද එහි පවසනවා.

නාසයෙන් ලේ ගැලීමක් ඇති වූ විට ඔබේ හිස පිටුපසට ඇල කරගන්න.

ඔබට නාසයෙන් ලේ ගැලීමක් සිදු වූ විට රුධිරය වහනය වීම වැළැක්වීම සඳහා ඔබේ හිස පිටුපස පැත්තට ඇලවීම හෝ වැතිර සිටීම මඟින් ප්‍රත්‍යාවර්තයක් වන නමුත් එසේ කිරීම ඇත්තෙන්ම භයානක විය හැකිය. ඔහියෝ ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ වෙක්ස්නර් වෛද්‍ය මධ්‍යස්ථානයේ හදිසි සේවා අංශයේ හෙද කළමනාකරු එරින් ෆැරල් කියා සිටියේ බහු ජර්ඨතාව නම් රෝගයෙන් හුස්ම සහ රුධිරය ගිලීමේ අවදානම වැඩි කරන බවය. ඔවුන් කියන්නේ වැතිර සිටීම හෝ හිස පිටුපසට ඇලවීම නොකළ යුතු දෙයක් බවය. පශ්චාත් උපාධි වෛද්‍ය සඟරාවේ පර්යේෂණයට අනුව නාසයෙන් ලේ ගැලීමකදී රුධිරය ගිල දැමීම ආමාශය අවුස්සන අතර ඔක්කාරය ඇති කරයි.

ඒ වෙනුවට, ලේ ගැලීම ආරම්භ වන විට ඔබේ නාසයෙන් වාතය පිටතට පිඹීමට ෆැරල් උපදෙස් දෙනවා. එලෙස කිරීම මුලින් රුධිරය ගලා ඒම වැඩි කළ හැකි නමුත් නාසික ඡේදය ඉවත් කරයි. ඉණ දෙසින් ඉදිරියට නැමී හෝ හිටගෙන හෝ ඉඳගෙන, නාසයේ මෘදු කොටස එනම් අස්ථි කොටසට පහළින් ඇති ස්ථානයේ දෙපැත්ත අල්ලා මිනිත්තු 10ක් ඉදිරියට නැමී සිටීමෙන් රුධිරය ගලායෑම නවතින බව ඇය කියනවා.

නාසයෙන් ලේ ගැලීම  සඳහා වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නොවන නමුත්, ඔබට කරකැවිල්ල හෝ හිසරදය වැනි වෙනත් රෝග ලක්ෂණ තිබේ නම්, හෝ ඔබට හුස්ම ගැනීමට නොහැකි නම්, එය පිටවීම නතර නොවේ නම් ඔබේ ලේ සිහින් වී ඇත්නම් ප්‍රතිකාර ගතයුතු බවද ෆැරල් ප්‍රකාශ කරනවා.

ලෙඩේ හොඳ වුණත් ප්‍රතිජීවක ඔෟෂධ මාලාව නොකඩවා ගන්න.

ඔෟෂධ ගැනීම සැමවිටම ප්‍රසන්න දෙයක් හරි  පහසු දෙයක් හරි නෙවෙයි. බොහෝ වෛද්‍ය නිර්දේශයන්ට අනුව සුවයක් දැනෙන්නට පටන් ගත් පසුවත් සම්පූර්ණ ප්‍රතිකාර මාලාවක් ලබාගත යුතු අතර එම ඔෟෂධ මාලාව අඛණ්ඩව ලබාගත යුතු වෙනවා. බොහෝ රෝගීන්ට මේ හේතුවෙන් විශාල ඔෟෂධ ප්‍රමණයක් පානය කරන්න සිදුවෙලා තියෙනවා. නමුත් මේ ප්‍රතිපදාව කඩ කිරීමෙන් රෝගියා නැවත වරක් අසනීප විය හැකිද? පීටර්ස්බර්ග් විශ්වවිද්‍යාල, වෛද්‍ය මධ්‍යස්ථානයේ පවුල් වෛද්‍ය විද්‍යාව පිළිබඳ උප සභාපති ජේම්ස් ඩෙවාර් මේ ගැන මෙහෙම කියනවා.

“බොහෝ විට බැක්ටීරියා ආසාදනයක් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න කලින් අපට සුව වුණු බවක්, ශරීරයට හොඳ බවක් දැනෙන්නට පටන් ගන්නවා. එවිට ප්‍රතිජීවක ඔෟෂධ ඉතා ඉක්මනින් නැවැත්වීමෙන්  ආසාදනය නැවත ඇති වීමට ඉඩ සැලසෙනවා. මෙමඟින් භාවිත කරන ප්‍රතිජීවකයට වඩා හොඳින් ප්‍රතිරෝධය දැක්විය හැකි බැක්ටීරියා වර්ධනය කිරීමට දිරිමත් කිරීමක් ලැබෙනවා. “ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටින්නේ ඔෟෂධ ගත හැකි කෙටිම දිග ප්‍රමාණය තීරණය කිරීම සඳහා එක් එක් ප්‍රතිජීවක පාඨමාලාව කොපමණ කාලයක් පැවතිය යුතුද යන්න පිළිබඳව පර්යේෂණ සිදුකර ඇති බැවින් රෝගියා ඔබේ වෛද්‍යවරයාගේ බෙහෙත් වට්ටෝරුව අනුගමනය කළ යුතු බවය.

සෙම්ප්‍රතිශ්‍යාව ඇති විට ප්‍රතිජීවක ඔෟෂධ ගත යුතුයි

අසනීප වූ හැම විටෙකම අපේ සිතට එන්නේ ඔෟෂධයක් ලබාගෙන මෙය සුව කරගත යුතුය යන අදහසයි. එබැවින් ප්‍රතිජීවක ලබාගැනීම සඳහා වෛද්‍යවරයා වෙත ගොසින් බෙහෙත් වට්ටෝරුවක් ලබාගැනීම සාමාන්‍ය ස්වභාවයයි. නමුත් සැබෑම දෙය නම් සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රතිජීවක ලබා ගැනීමෙන් එය සුව නොවන බවයි. මෙම ආසාදනවලින් අතිමහත් බහුතරයක් වයිරස් මඟින් ඇති වන අතර, බොහෝමයක් සති දෙකකින් පමණ අතුරුදන් වී යයි.

ආචාර්ය දේවාර් කියන විදිහට ප්‍රතිජීවක වයිරස්වලට කිසිදු ලෙසකින් බලපෑමක් කරන්නේ නැත. එබැවින් ඒවා ලබාගත් පමණින් කිසි ලෙසකින්වත් සෙම්ප්‍රතිශ්‍යාව පහව යන්නේ නෑ. ප්‍රතිජීවක ඔෟෂධ අනවශ්‍ය ලෙස ගැනීමෙන් වඩාත් ප්‍රබල මාරාන්තික බැක්ටීරියාවන් බෝ වීමට හැකිය. එබැවින් මේ බැක්ටීරියාවන් සෑදීම වළක්වා ගැනීම සඳහා ඔබ ප්‍රතිජීවක ලබා ගත යුත්තේ ඒවාට සුදුසු  සරිලන ප්‍රතිජීවක පමණි. පැරණි වෛද්‍ය උපදෙස් අනුව සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණු රෝගියා දින 14ක් තනිකරනු ලැබේ. එය ප්‍රතිජීවක ලබාගැනීමෙන් පසුව සති දෙකක් ගතවීමෙන් රෝගය සුව වීමට සමාන නොවේද?

දැඩි ශෝකය ඔබව මරණයට පත් කරනවාද?

වික්ටෝරියානු නවකතාවල බොහෝ වීරවරියන්, වීරවරුන් හදවත් බිඳීයෑම නිසාවෙන් මියයයි. නමුත් නූතන සමාජයක එය විශ්වාස කළ හැකි දෙයක් නොවේ. “බ්‍රෝකන් හාර්ට් සින්ඩ්‍රෝමය” පිටුපස ඇති අවදානම් සහගත සාධක නොසලකාහැරීම මඟින් ඔබව හෘදයාබාධයකින් අනතුරට පත්කළ හැකිය. ඇමෙරිකානු හෘද සංගමයට අනුව මානසික සෞඛ්‍යය සහ හෘද රෝග අතර මනාව තහවුරු වූ සම්බන්ධතා තිබේ.

JAMA Internal Medicine හි එක් අධ්‍යයනයකින් හෙළි වූයේ දැඩි ආදරයකින් ක්‍රියාකරන කෙනකුට හෘදයාබාධ ඇතිවීමේ අවදානම ශෝකී බවෙන් සිටින පුද්ගලයන්ට වඩා දෙගුණයක් බවයි. ඉතා ආතති සහගත සිදුවීම් එනම් ආතතිය ප්‍රේරිත හෘදරෝගවලින් සහ ටකොට්සුබෝ හෘද රෝගවලින් මෙලෙසින් හදවතටද බලපෑම් කළ හැකිය. ජපානයේ මුලින්ම විස්තර කරන ලද මෙම තත්ත්වයට අනුව හදවතේ කොටසක් තාවකාලිකව විශාල වීම මඟින් මෙය සිදුවේ. ඇතැම් විට කලාතුරකින් වුවද මෙය ජීවිතයට තර්ජනයක් එල්ල කළ හැකි දෙයක් බවට පත්වේ. එය බියට පත්වීමෙන්ද සිදුවිය හැකි දෙයකි. එය මරණයට ඇති බිය නිසාද සිදුවිය හැකි දෙයකි.

ඉරුවාදය බරපතළ රෝගයක්ද?

ඉරුවාරදය යනු ස්නායු පද්ධතියේ විවිධ කොටස් සක්‍රිය කරන ඉතා සංකීර්ණ ස්නායු ආබාධයක් යනුවෙන් මිචිගන් වෛද්‍ය විද්‍යාවේ හිසරදය සහ ස්නායු රෝග වේදනා වැඩසටහනේ අධ්‍යක්ෂ වේඩ් කූපර් කියනවා. ඉරුවාරදය හිසරදයට වඩා ප්‍රබල හිසරදයකි. \එයින් කරන්නේ ඔක්කාරය ඇති කිරීමයි. එමෙන්ම ආලෝකය, ශබ්ද සංවේදීතාව සහ ක්‍රියාකාරීත්වය දුර්වල කරයි. එය නින්ද නොයෑමට, කාංසාව සහ මානසික අවපීඩනය වැනි මානසික ආබාධවලටද හේතු විය හැකිය. නමුත් ඇමෙරිකානු ඉරුවාරද පදනමට අනුව ඉරුවාරදය සහ කාංසාව අතර සම්බන්ධය පිළිබඳ විශේෂතා සංකීර්ණ වේ. එය එක් ආකාරයක හිසරදයක් මිස බොහෝ දෙනා පවසන පරිදි සංකීර්ණ රෝගයක් නොවේ.

කොලොස්ටරෝල් තියෙනවා නම් බිත්තර තහනම්.

බිත්තර සහ කොලෙස්ටරෝල් පිළිබඳ පර්යේෂණය නිරන්තරයෙන් සිදුවන්නකි. ස්වභාවිකවම කොලෙස්ටරෝල් බහුල ආහාරයක් වන බිත්තර රුධිරයේ කොලෙස්ටරෝල් වැඩි කරන බව බොහෝ කාලෙක පටන් පැවත එන විශ්වාසයකි. ආහාරමය කොලෙස්ටරෝල්වලට වඩා සංතෘප්ත මේදය සහ අනෙකුත් සාධක රුධිරයේ කොලෙස්ටරෝල් ඇති කිරීමට වැඩි බලපෑමක් ඇති කරන බව අපි දැනටමත් දන්නවා.

නිව් ජර්සිහි ආහාරවේදියකු වන එරින් පැලින්ස්කි මෙහෙම කියනවා. බිත්තර ප්‍රෝටීන්, විටමින් බී 12 සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථවලින් පොහොසත් දෙයක්. ඔහුගේ නිර්දේශය මත ඇමෙරිකානුවන් සඳහා වන 2015-2020 ආහාර මාර්ගෝපදේශයේදී හැකිතාක් කොලෙස්ටරෝල් සීමා කිරීමට නිර්දේශ කරනවා. නමුත් ඔහු කියා සිටින්නේ මධ්‍යස්ථව ආහාරයක් ලෙස බිත්තර භුක්ති විඳීම කොලෙස්ටරෝල් පාලනයට ඉතා හොඳ දෙයක් බවය. 

සෞඛ්‍යමත් දත් සුදු පැහැයෙන් දිදුලනවාද?

අපේ දත්වල ස්වාභාවික වර්ණය ඔබ සිතනවාට වඩා තද පැහැයක් ගන්නා අතර මුතුවන් සුදුපැහැ දත් දෙපළක් යනු සැමටම පිහිටන දෙයක් නෙවෙයි. ඇමෙරිකානු දන්ත වෛද්‍ය සංගමය පවසන්නේ නිසි නිෂ්පාදන නිසි ලෙස භාවිත කරන විට සහ දන්ත වෛද්‍යවරයකු විසින් නිරන්තරයෙන් නිරීක්ෂණය කරන විට මෙලෙස දිදුලන ආරක්ෂිත දත් සුදු කිරීමක් සිදු කළ හැකි බවයි. මෙලෙස අනවශ්‍ය ලෙස දත් සුදු කිරීමට යෑමෙන් දත් දෙපළට හානි පැමිණිය හැකි බවද ඔවුන් කියනවා.

ඇදුම රෝගය තිබෙනවා නම් ව්‍යායාම කිරීම සපුරා තහනම්

මෙම මිථ්‍යාව 1970 ගණන්වල සහ 1980 ගණන්වල වෛද්‍යවරුන්ගේ නිර්දේශවලින් පිටතට පැමිණි අතර එය තවදුරටත් වලංගු නොවන බව කොලරාඩෝවල ඩෙන්වර්හි ජාතික යුදෙව් සෞඛ්‍ය අංශයේ විද්‍යාඥ ඩේවිඩ් බියුදර් කියනවා. මේ පැරණි උපදෙස නිසාවෙන් ව්‍යායාමයේ බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ ද ඇදුම රෝගියාට අහිමි කරයි. මෑත අධ්‍යයනයකට අනුව ශාරීරික වශයෙන් ව්‍යායාම කිරීම ඇදුම රෝගයට ඉතා හොඳය.

ව්‍යායාම කිරීම රෝග ලක්ෂණ සමනය කිරීමට උපකාරී වෙනවා. ඇදුම සඳහා ව්‍යායාම ඉතා ප්‍රයෝජනවත් වන අතර ඇත්ත වශයෙන්ම ඇදුම රෝගයෙන් පෙළෙන පුද්ගලයකු ඉතා ගැඹුරු ශ්ස්මක් ගන්නා විට ස්වසන මාර්ග ඉතා හොඳින් ක්‍රියාත්මක වීම ඇරඹෙනවා. ව්‍යායාම කිරීම හේතුවෙන් බොහෝ විට පෙණහලු ක්‍රියාකාරිත්වයේ දියුණුවක් ඇති කරන බවද වෛද්‍ය බියුදර් කියනවා.

ගිහාන් සචින්ත