උකුල් ඇටයේ එක් තැනක් දිරා ගියොත් සුව කරන්නේ කොහොමද?

0
168

ඔබ නොදන්නවට, හිතාගන්න බැරි ලෙස ඔබේ උකුල් ඇටය දිරායන්නට පුළුවන්. හැබැයි ඔබට එය තේරුම් යන්නේ කලක් ගියාමයි. සමහරුන්ට උකුල් ඇයට ළඟ වේදනා දෙන්නත් පුළුවන්. ඒත් හිතන්නේ නෑ. එය දිරාපත් වෙලා කියලා.

කොහොමද උකුල් ඇයට දිරාපත් වෙලා කියලා දැනගන්නේ. එය හොඳ ප්‍රශ්නයක්. මෙහි එක් අවස්ථාවක් තමයි උකුල් ඇටයේ සිට පහතට පාදය පුරාම වේදනා ඇතිවීම. එය විටින් විට ඇති වෙන්නත් පුළුවන්. සමහරුන්ගේ නම් වම් පාදය පමණක් වෙනවා. තවත් සමහරුන්ට දකුණු පාදය වෙන්නත් පුළුවන්. කොයික වුණත් සියුම් වේදනාවක් හරහා තමයි මෙහි ප්‍රාථමික ලක්ෂණ පෙන්නුම් කරන්නේ.

එය බොහෝ අවස්ථාවල අප වෙත පැමිණි රෝගීන් කියූ දෙයක් තමයි ඒ හැම වේදනාකාරී තත්ත්වයක් ආවහම, ඒක වාත අමාරුවක්ය, සීතයේ නිසා ඇති වූවක්ය කියලා මොනවා හෝ වාත තෙලක් ගාලා අත ගෑවා කියන එක. ටික වෙලාවකට, දින දෙක තුනකට, ටික කාලයකට යම් වේදනාවේ අඩුවීමක් තිබුණත් රෝග නිදානයට බෙහෙත් නොකොට එය මඟහැර යෑම තමයි භයානක. එහෙම මඟහැර ගිහින් වැඩ වරද්දාගත් බොහෝ දෙනා අපේ වෛද්‍ය ශාලාවට පැමිණ තිබෙනවා.

බොහෝ රෝගීන් කියන දෙයක් තමයි වේදනාව තියෙන්නේ මෙන්න මෙතන. නැතිනම් අන්න අතන කියලා. ඒ තමන්ට හිතෙන විදිහටයි. නමුත් ඉතා අසරණව අප වෙත පැමිණි රෝගියාව පරීක්ෂා කර බැලුවාමයි වැටහෙන්නේ රෝගියා කියූ තැන නෙමෙයි ලෙඩේ තියෙන්නේ කියලා.

රෝග පරීක්ෂාවේදී බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව එක්ස්රේ අරන් ඒක බලලා තීරණය කරනවා වුණත් අපගේ පාරම්පරික වෛද්‍ය දැනුම හා පළපුරුද්දට අනුව අපට පුළුවන් එක්ස්රේ පිටපතක් නැතිව ටක්කෙටම අසවල් තැන තමයි ලෙඩේ තියෙන්නේ කියලා.  වම් මහපටැඟිල්ල තබලා සිරුරේ අප සැකකරන කොඳු ඇට පෙළ හෝ උකුල් ඇටයේ තැන් හරහා වටහා ගන්න පුළුවන් එතැන අස්ථි පිපිරුමක් වීද. එහෙමත් නැතිනම් අස්ථි දිරායෑමක් ද තියෙන්නේ කියලා.

එක්තරා රෝගී වියපත් තැනැත්තකු අපගේ වෛද්‍ය ශාලාවේ රෝහලේ අප නවත්වාගෙන ඔහුට ප්‍රතිකාර කරන්නට වුණා. කෑම බීමවල ඉඳලා සාත්තු හැම එකක්ම එයින් සැපයුණා. එම තැනැත්තා කීවේ ඔහුට කොන්දේ අමාරුවක් විතරක් ඇතිය කියලයි. අපි නේවාසිකව නතර කරගෙන පරීක්ෂා කළා. ඔහුට ටිකක් ඉදිරියට ඇවිදගෙන යන්න කියලා බැලුවාම අපගේ දැනුම අනුව වැටහුණා නොදැනීම යම් කොර බවක් ඔහුට තිබෙන බව. අපි වම් පාදයේ මහපටැඟිල්ල පිරිමැද පරීක්ෂා කළාට නිසැකයෙන්ම දැනගත හැකි වුණා ඔහුට තිබුණේ උකුල් ඇටයේ යම් තැනක දිරාපත් වී ගිය තත්ත්වයක්.

මෙය නරක තත්ත්වයක්. හඳුනාගත් විගසම ප්‍රතිකාර නිසි පරිදි එක දිගට කළ යුතුයි. නිරතුරුව නිරීක්ෂණය කරමින් පරීක්ෂා කරමින් අප ඔහු රඳවාගෙන ප්‍රතිකාර කළා. ඊට ඉතා දුර්ලභ ඔසු පවා සොයා ගන්න වුණා. සති 2යි ප්‍රතිකාර කළේ. ඇයට ඉතා හොඳ සුවයක් ලැබුණා. ඒත් ටික කාලයක් උකුල් ඇටේ දිරාපත්ව තිබුණු නිසා ගෙදර ගිහින් ගෙදර සිට ප්‍රතිකාර ගන්න වුණා. එහෙම තමයි පාරම්පරික වෛද්‍ය ක්‍රමයෙන් සම්පූර්ණ සුවය ලබන්නේ.

විජිත කේ. පතිරණ

අස්ථි රෝග විශේෂ වෛද්‍ය

එම්.ඒ. මදනායක

මදනායක බෙහෙත් ශාලාව වැලිගම

0771875707