නවසීලන්ත ක්‍රිකට් නායක කේන් විලියම්සන්ට කොවිඩ්

0
542

නවසීලන්ත ක්‍රිකට් නායක කේන් විලියම්සන්ට කොවිඩ් වැළඳී තිබේ.

ඒ අනුව, ඔහුට එංගලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වනු ඇත.

ඔහුට කොවිඩ් වැළඳී ඇතැයි තහවුරු වී ඇත්තේ, අද තරගයට පෙර ඊයේ රාත්‍රී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකිනි.

කේන් විලියම්සන්ට කොවිඩ් රෝග ලක්ෂණ කිහිපයක් පැවති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

31 හැවිරිදි විලියම්සන් වෙනුවට හමිෂ් රදර්ෆර්ඩ් නවසීලන්ත කණ්ඩායමට ඇතුළත් කර ඇති අතර නායකත්වය ටොම් ලෙතම්ට පවරා තිබේ.