ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නම ගැසට් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
ඒ අනුව, ඔහුගේ නම ඇතුළත් ගැසට් පත්‍රය මේ වන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත මුද්‍රණය සඳහා යොමු කර ඇතැයි මැතිවරණය කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා mawbima.lk වෙත පැවසීය.
මේ සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මියගෙන් mawbima.lk කළ විමසීමකදී ඇය සඳහන් කළේ, අදාළ ගැසට් පත්‍රය තම දෙපාර්තමේන්තුව වෙත ලැබුණු බව ත් මේ වන විට එහි සෝදුපත් බැලීම සිදු කෙරෙන බව ත් ය.
ඒ අනුව, තව සුළු වේලාවකින් ධම්මික පෙරේරා මහතාගේ නම සඳහන් ගැසට් පත්‍රය නිකුත් කරන බව ඇය වැඩිදුරට ත් පැවසුවා ය,
බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ධම්මික පෙරේරා මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත මීට පෙර භාර දී තිබිණි.
ඒ මහතා ජූනි 8 වන දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ද ගැනීමට කටයුතු කර තිබුණු අතර එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා අතින් පක්ෂ සාමාජිකත්වය ලබා ගන්නා අයුරු පහත ඡායාරූපයේ දැක්වේ.

Dammika perera Gonata endagaththada? Gonata enduwada?
Comments are closed.