විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත සංශෝධනවලින් තොරව අද (ජූනි 9) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
කාරක සභා අවස්ථාවේදී තෙවන වර කියවීමෙන් පසු ඊට පක්ෂව ඡන්ද 116ක් හිමි වූ අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 46කි.
ඒ අනුව, එම පනත් කෙටුම්පත වැඩි ඡන්ද 70කින් සම්මත විය.
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් අදාළ පනත් කෙටුම්පත අද (ජූනි 9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.