Naasón Joaquín García: ගැහැනු දරුවන් තිදෙනෙකු අපයෝජනය කළ ක්‍රිස්තු සභාවක ප්‍රධානියෙකුට වසර 16ක සිර දඬුවම්

0
712

La Luz del Mundo නමැති ක්‍රිස්තියානි දේව සභාවේ අමෙරිකානු ප්‍රධානී නාසන් ජෝකින් ගාර්සියාට ලොස් ඇන්ජලීස්හි අධිකරණයක් විසින් වසර 16ක සහ මාස 8ක සිර දඬුවමක් නියම කර තිබේ.

ඒ, සිය දේව සභාවේ ගැහැනු ළමුන් තිදෙනෙකු ලිංගිකව අපයෝජනය කිරීමට වරදකරු වීම හේතුවෙනි.

53 හැවිරිදි නාසන් ජෝකින් ගාර්සියා ඒ සම්බන්ධයෙන් වරදකරු බව පිළිගැනීමෙන් අනතුරුව මෙම දඬුවම නියම කර තිබේ.

යම් හෙයකින් වරද පිළිනොගෙන අධිකරණ නඩු විභාගයකින් ඔහු වරදකරු වූයේ නම් ඔහුට ලැබෙන දඬුවම ජීවිතාන්තය දක්වා සිරගත කිරීම ය.

La Luz del Mundo යනු 1926 වසරේදී මෙක්සිකෝවේදී ආරම්භ කරන ලද මූලධර්මවාදී ක්‍රිස්තියානි සංවිධානයක් බව පැවසේ.