ජනතාව බලාපොරොත්තු වූ සියලු ම දේ සිදු කර ගැනීමට නොහැකි වූ බව හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ, අද (ජූනි 9) පැවති මාධ්‍ය යහුමවකදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
“මගේ සම්පූර්ණ ශක්ති ප්‍රමාණයට මම කරන්න තියෙන දේවල් කරායි කියලා මම හිතනවා හැබැයි ජනතාව බලාපොරොත්තු වෙච්ච සියලු ම දේවල් කර ගන්න බැරි වුණා. හැබැයි මම ලංකාවට එනකොට එහෙම දෙයක් නෙවෙයි මම බලාපොරොත්තු වුණේ. මට ඕන වුණා ඒ වෙනකොට ලොකු චෝදනා දෙකක් තිබුණා මට. යහපාලන ආණ්ඩුව පත් වෙච්ච වෙලාවේ. 2015දී එක චෝදනාවක් තමයි විවිධ දූෂණ හා වංචාවලට මට නඩු පවරන්න ඕන කියලා. නඩු පැවරුවා. මාස ගාණක් රිමාන්ඩ් වෙලා හිටියා. ගිය සතියේ තමයි මාව අන්ති ම නඩුවෙනුත් නිදහස් වුණේ. ඒ නඩුවලට මුහුණ දෙන එක තමයි මගේ පළවෙනි එක, දෙවැනි එක තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පරාජයට මම වග කියන්න ඕන කියලා මට ඕන වුණා එතුමාව මේ රටේ ජනතාව පිළිගන්න තනතුරකට පත්වෙනකන් ඔහුගේ ප්‍රධානත්වයෙන් ජයග්‍රහණය ලබා දෙන්න. ඒ කටයුතු දෙක ම ඉෂ්ට වුණා. මගේ ඒ බලාපොරොත්තු දෙක ම ඉෂ්ට වෙලා තියෙන්නේ. ඒ ඇරෙන්න කිසි ම දවසක මගේ බලාපොරොත්තුවක් තිබුණේ නෑ මුදල් ඇමතිකමක් ගන්න, පාර්ලිමේන්තුවට එන්න. ඒ එන වෙලාවේ.”
මේ අතර ඔහු සඳහන් කළේ, ඉදිරියේදී System Change එකක් වන බව ට තමන් බලාපොරොත්තු වන බව ය.
බලපොරොත්තු ටික නම්ිටුකලා !
අම්මා තත්තගෙ සොහොන තමුන් උපන් මහ ගෙදර බිමට ස්මතලා උන එක තමයි ඉටුවුනෙ.
lankaawe rasthiyaadu jada deshapaalanaya hamadaama daamarika wadata thamayi huru. JVP/Peratuwo saha NGO kaarayinge salasmak thamayi mey wuney
Comments are closed.