ගෑස් ගැන අලුත් බලාපොරොත්තුවක්

0
588

ගෑස් මෙට්‍රික්ටොන් 3,900ක් රැගත් නෞකාවක් අද (ජූනි 8) මෙරටට පැමිණි බව ලිට්‍රෝ සමාගම පවසයි.

එම සමාගම සඳහන් කළේ, අදාළ ගෑස් තොගය සඳහා ඉතිරි මුදල ලෙස අද දිනයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් ගෙවීමට සැලසුම් කර ඇති බව ත් ඒ අනුව එම ගෑස් තොගය ගොඩබෑමේ කටයුතු සිදු කරන බව ත්.

එමගින් තව ත් දින 6ක් සඳහා අඛණ්ඩව ගෑස් සැපයුම පවත්වා ගෙන යා හැකි බව එම සමාගම පැවසීය.

මේ අතර, ලිට්‍රෝ ගෑස් සමාගම ඊයේ (ජූනි 7) සඳහන් කළේ, අද (ජූනි 8) ගෑස් බෙදා හැරීම සිදු නොකරන බව ය.

ඊයේ බස්නාහිර පළාත තුළ පමණක් හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා ගෑස් බෙදා හැරීමට එම සමාගම කටයුතු කර තිබිණි.