CEYPETCO සභාපති පුටුවට හිටපු ඇමතිවරයෙකුගේ සහෝදරයෙක්

0
1702

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස මොහොමඩ් උවයිස් මහතා වැඩ භාරගෙන තිබේ.

නව සභාපතිවරයා අද (ජූනි 7) උදෑසන ඛනිජ තෙල් සංස්ථා ප්‍රධාන කාර්යාලයේදී සිය ධූරයේ වැඩ ආරම්භ කළේ ය.

මීට පෙර ඒ මහතා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ඔහු එම ධූරයෙන් ඉල්ලා අස් විය.

මොහොමඩ් උවයිස් මහතා හිටපු මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ සහෝදරයෙකු ද වෙයි.