Moon Lovers ලා පැල්බැඳගෙන Love කරපු රඟන ගයන ලස්සන කෙල්ල IU

0
109

Scarlet Heart Ryeo  හෙවත් මූන් ලවර්ස් ටෙලි කතා මාලාව ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වූවක්. අපේ රටේ සිටින කොරියානු නාට්‍ය රසිකයන් බොහෝ දෙනෙක් මේ කතාව අනිවාර්යයෙන්ම නරඹා තිබෙන බවට නම් සැකයක් නැහැ. ශෝකාන්ත ප්‍රේම වෘත්තාන්තයක් වන මේ ටෙලි නාට්‍ය නරඹපු බොහෝම දෙනෙක් මෙහි දෙවැනි කොටසක් එනතුරු මඟ බලාගෙන සිටිනවා. ඉතින් අපි අද Her තුළින් සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ මේ නාට්‍ය ගැන නම් නොවෙයි. මෙහි රඟපෑ ප්‍රධාන කාන්තා චරිතය වන හේ සු ගේ චරිතයට පණ පෙවූ IU ගැනයි මේ ලිපිය ලියැවෙන්නේ.

ඇය මූන් ලවර්ස් ටෙලි නාට්‍යයට අමතරව Hotel Del Luna, Person, My Mister, The Producer, You are the Best, Dream High ආදී ටෙලි නට්‍ය කිහිපයකටම රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා. IU කියන්නේ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ ගායිකාවක්.  දකුණු කොරියාව තුළ වැඩිම ආදායමක් ලබන ගායිකාවන්ගෙන් කෙනෙක්. IU මුලින්ම ක්ෂේත්‍රයට පැමිණෙන්නේත් සංගීතය පැත්තෙන්. වසර කිහිපයකදීම වඩාත් බලපෑම් සහගත දකුණු කොරියානු ජනප්‍රිය කාන්තා චරිත අතරට එක් වීමට IUට හැකියාව ලැබුණා.

1993 වසරේ මැයි 16 වැනිදා සෝල්හි උපත ලැබූ IU ගේ සැබෑ නම Lee Ji-eun. දරුවන් දෙදෙනකුගෙන් යුතු පවුලක පළමු දරුවා වන ඇයට බාල සහෝදරයෙක් සිටිනවා. දුප්පත් පවුල් පසුබිමකින් පැවත එන IU බොහෝ වෙහෙස මහන්සියෙන් ක්ෂේත්‍රයට පැමිණි කෙනෙක්. තමන් කුඩා කාලයේ තනි නිදන කාමරයක් පමණක් තිබෙන නිවෙසක ජීවත් වූ බවත් එම නිවෙස පුරා කැරපොත්තන් සිටි බවත් IU පවසා තිබුණා.

Dongduk Girls’ High School පාසල තුළින් අධ්‍යාපනය ලැබූ IU වෘත්තීය ජීවිතයට මුල් තැනක් දීම හේතුවෙන් 2012 වසරේදී සිය අධ්‍යාපනය නිම කළා. පාසලේ සත් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන කාලයේදී තම ගායන හැකියාව හ¾දුනා ගත් IU එතැන් පටන් ගායිකාවක් වීමට සිහින දැක්කාය. සිය ගායන ජීවිතයට ගමන් කරන මාර්ගය එළිපෙහෙළි කර ගැනීම සඳහා වෙහෙස වූ ඇයට දකුණු කොරියානු විනෝදාස්වාද ක්ෂේත්‍රයේ පතාක යෝධයෙක් වන JYP Entertainment ආයතනය විසින් පවත්වනු ලැබූ හඬ පරීක්ෂණයකට මුහුණ දීමට අවස්ථාව ලැබුණා. නමුත් එම හඬ පරීක්ෂණයෙන් සමත් වීමට ඇයට හැකියාව ලබුණේ නැහැ.

එයින් පසුබට නොවුණු ඇය ඉන් පසුව Loen Entertainment ආයතනය විසින් පවත්වනු ලැබූ හඬ පරීක්ෂණයට සහභාගි වූවා. ඉන් සමත් වූ ඇය එම ආයතනය යටතේ පුහුණු වීම ඇරඹුවාය. ඒ අනුව IU 2008 වසරේදී Loen Entertainment ආයතනය යටතේ සිය ප්‍රථම ගීත ඇල්බමය වන Lost and Found නිකුත් කළාය. සිය පළමු ඇල්බමය එළිදක්වන විට ඇයට වයස අවුරුදු 15ක් පමණ විය. ඇයගේ පළමු ඇල්බමය අසාර්ථක වූ අතර පසු කාලයකදී ඇය පැවැසුවේ පළමු ඇල්බමය අසාර්ථක වීම පිළිබඳව තමන් සතුටු වන බවයි. මොකද පළමු ඇල්බමයම සාර්ථක වූවා නම් තමා සමඟ දැනට සිටින කාර්ය මණ්ඩලය පිළිබඳව හෝ තමා ලබා ඇති ජනප්‍රියත්වය පිළිබඳව අගයක් නොමැති වෙන්නට ඉඩ තිබූ බව ඇය පැවසුවා.

Lee Ji-eun සිය වේදිකා නාමය ලෙස IU යන්න තෝරාගෙන තිබෙන්නේ ධ් මඟින් ‘මම’ යන්නත් උ මඟින් ‘ඔබ’ යන්නත් හැඟවෙන පරිදිය. එමෙන්ම Lee Ji-eun යන නම දකුණු කොරියාව තුළ බොහෝ දෙනකුට තිබෙන නමක් නිසා තමන්ට වේදිකා නාමයක් භාවිත කිරීමට සිතුණු බවත් ඇය පවසනවා.

IU ඇයගේ රසික රසිකාවියන්ට ඉතාමත් ආදරයෙන් සලකනවා. ඇයගෙන් සමරු සටහනක් ගැනීමට පැමිණෙන කෙනෙක්ට වුවත් ඕනෑවට එපාවට සමරු සටහනක් දෙනවා වෙනුවට ඔහුට හෝ ඇයට සුබ පතමින් ඔවුන්ව දිරි ගැන්වීමට යමක් කීමටත් IU අමතක කරන්නේ නැහැ.

GFriend නම් දකුණු කොරියානු කාන්තා සංගීත කණ්ඩායමේ විශාල රසිකයෙක් වන IU පවසන්නේ ඇයට ඔවුන් සමඟම ක්ෂේත්‍රයට පැමිණීමට තිබුණා නම් වඩාත් කැමැති බවයි.

IU ගේ හොඳම මිතුරිය වන්නේ ‍ Yoo In Naය. ඔවුන් දෙදෙනා එකම තට්ටු නිවාසයක වාසය කරන බවත් පැවසෙනවා. IU සහ ‍ කධධ ව්ච ව හ¾දුන්වන සුරතල් නාමයක් තිබෙනවා. එය “IU In Na” ය. මොවුන් දෙදෙනා බොහොම සමීප මිතුරන් වන අතර නිතර එක්ව විනෝද චාරිකා යෑමටත් ඔවුන් ප්‍රිය කරනවා.

ද IU ගේ පෙම් සබඳතා

2012 වසරේ නොවැම්බර් 10 වැනිදා IU සිය ට්විටර් ගිණුම වෙත පළ කළ ඡායාරූපයක් නිසා ඇය සහ Eunhyuk අතර යම් සම්බන්ධයක් පවතින බවට රාවයක් පැතිරුණා. එම ඡායාරූපයේ IU පිජාමාවක් ඇඳ සිටි අතර Eunhyuk උඩුකය නිරුවත්ව සිටියා. IU මෙම ඡායාරූපය පළ කර ස්වල්ප මොහොතකින් එය මකා දමා තිබුණා.

2013දී IU Lee Hyun Woo සමඟ ප්‍රේම සබඳතාවක් පැවැත්වූ බවට කට කතාවක් පැතිරුණු අතර ඇය ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කර නොතිබිණි. ඔවුන් දෙදෙනා එක්ව සිනමාහලකට යන ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ පළ වී තිබුණා. නමුත් ඔවුන්ගේ නියෝජිත ආයතන මේ ගැන නිල නිවේදනයක් පළ කරමින් කියා සිටියේ ඔවුන් මිතුරන් පමණක් වන බවයි.

දකුණු කොරියානු ගායකයෙක් මෙන්ම ගීත රචකයෙක් වන Chang Kiha සහ IU මුණගැසෙන්නේ 2013දී යි. ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධය එම වසරේදී ආරම්භ කළ අතර අවුරුදු හතරක පමණ කාලයකින් පසුව එනම් 2017 දී ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය අවසන් වූවා. ඛ්ඩචදඨ, IU වඩා අවුරුදු 11ක් පමණ වැඩිමහල් වන අතර ඔවුන්ගේ සම්බන්ධය සාර්ථක නොවීමට හේතුව එය බවත් පැවසෙනවා.

ද IU කැමැති දේවල්

IU පොත් කියවීම, ගීත ඇසීම සහ අන්තර්ජාලයෙන් ගීත බාගත කර ගැනීම ඇයගේ විනෝදාංශයන් බව ඇය පැවැසුවා.

IU ට ඇයගේ නාසය ප්ලාස්ටික් සැත්කමක් මඟින් වෙනස් කර ගැනීමට අවැසි වූ අතර, වෛද්‍යවරු පවසා සිටියේ ඇයගේ නාසය ඉතාම පහත්ව පිහිටා ඇති නිසා නාසයේ සැත්කමක් කිරීම අපහසු බවයි.

IU දකුණු කොරියානු ගායකයෙක් වන Kim Tae Wooගේ විශාල රසිකයෙකි. ඇය ඔහුට කොතරම් කැමැතිද කිවහොත් බ්කර්ථී ආයතනයේ හඬ පරීක්ෂණය සඳහා ඇය ඉදිරිපත් වූයෙත් Kim Tae Woo නිසා බවයි ඇය පවසන්නේ.

තනිව සිටින්නට වඩාත් කැමැත්තක් දක්වන IU මිනිසුන් විශාල සංඛ්‍යාවක් සිටින ජනාකීර්ණ  තැන්වල සිටින්නට කැමැති නැහැ. එවිට තමන්ට ක්ලාන්ත ගතියක්, හුස්ම ගැනීමට අපහසු ගතියක් ඇතිවනබව ඇය පවසනවා.

සීතල කාලගුණයකට කැමැති IUගේ ප්‍රියතම ආහාරය Raw Fish සහ Sweet Potato බවයි ඇය පවසන්නේ. ඒ වගේම ඇයගේ ප්‍රියතම පැහැය දම් පැහැයයි.

ඇයගේ පරමාදර්ශී පිරිමි චරිතය කවුදැයි විමසූ අවස්ථාවක ඇය පැවැසුවේ එය විවිධ අවස්ථාවල වෙනස් වන බවයි. රූපවාහිනිය තුළින් විවිධ චරිත දකින විට ඒ අනුව කැමැත්ත විටින් විට වෙනස් වන බව ඇය පැවැසුවා.

දනොදන්නා කතා

IU ජනප්‍රිය වීමට පෙර බුලිමියා නම් රෝගයෙන් පෙළුණු කෙනෙක් බව පැවැසෙනවා. අනවශ්‍ය ලෙස ආහාර ගැනීමත්, තමන්ගේ ශරීරය මහත් වේ යැයි අනවශ්‍ය බියක් ඇති කර ගෙන ආහාර ගැනීමෙන් පසු වමනය කිරීම ආදී ක්‍රම මඟින් එම ආහාර නැවත ඉවත් කිරීමට උත්සාහ ගැනීම එහි රෝග ලක්‍ෂණ වේ. මෙය තරමක් භයානක රෝගී තත්ත්වයකි.

ඒ වගේම IUගේ ප්‍රධාන ශරීර ආරක්ෂකයා ගැනත් බොහෝ දෙනකුගේ අවධානට යොමු වී තිබෙනවා. පාර්ක් මහත්මයා යනුවෙන් හ¾දුන්වන මොහු සහ IU අතර ඇත්තේ අපූරු සබඳතාවක්. හැඩි දැඩි ශරීරයකට උරුමකම් කියන පාර්ක් මහත්මයා පවසන්නේ IU තමාගේ සහෝදරියක් හා සමාන බවයි. ඔහු අවුරුදු කිහිපයක සිට IU සමඟ රැඳී සිටිනවා.

ද සමාජ සේවා කටයුතු

දකුණු කොරියානු ජාතික පොලිස් ඒජන්සියේ Anti-bulling Compaigns in Schools හි තනාපතිවරිය ලෙස IU කටයුතු කළා. ඒ වගේම Green Umbrella ළමා පදනමට වොන් මිලියන 100ක මුදලක්ද ඇය පරිත්‍යාග කර තිබෙනවා. එපමණක් නොව ඇයගේ උසස් පාසලෙහි උපාධිය හදාරන මූල්‍යමය ආධාර අවැසි දරුවන්ට IU ශිෂ්‍යත්වය නමින් ශිෂ්‍යත්ව වැඩසටහනක්ද අරඹා තිබෙනවා. එතැනින් නොනැවතී ඇය ජේ‍යෂ්ඨ පුරවැසියන්ගේ සුබසාධන කටයුතු සඳහාද මුදල් ප්‍රදානයන් සිදු කර තිබෙනවා. කොවිඩ් වසංගත සමයේ රෝහල්වලට සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිත්‍යාගය කිරීම, සෞඛ්‍ය සේවකයන්ට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම ආදී විවිධ සමාජ සේවා කටයුතු සඳහා මුදල් පරිත්‍යාග කිරීම IU විසින් සිදු කර තිබෙනවා. ඇය සහ ඇයගේ සහෝදරයා ආහාර නොමැතිව කුසගින්නේ බොහෝ අවස්ථාවල හිඳ ඇති අතර එම නිසාම IU ඇයට හැකි සෑම අවස්ථාවකදීම පුණ්‍ය කටයුතුවල නිරත වන බව පැවසනවා.

කුශාන්ති අනුරාධා බණ්ඩාර