ශරීරයම පණ නැතිව කුදු ගැහී උන්නු රෝගියකු පූර්ණ සුවය ලද අයුරු

0
35

දිනක් අප වෙත රැගෙන ආ එක් රෝගියකුට පය තබා නැඟිට ගන්නවත්, අත් වාරුවෙන් සිට ගන්නවත් බැහැ. ඔහුගේ එක් අතක් හා පාදයක් පණ නැතිවෙලා. ඒ නිසා ඔහුව ඥාතියකු ඔසවාගෙන ආවේ වෑන් රථයක පසුපස මෙට්ටයක් මත තබාගෙනයි. බැලූ බැල්මටම මේ රෝගියා කවදාවත් යළි පෙර සිටි තත්ත්වයෙන්ම නැඟිටලා ඇවිදගෙන යාවි යැයි හිතන්න බැරි තරම්. ඔහුව ඔසවාගෙන එද්දී බෙහෙත් ගන්න ආපු අයගේ බැල්ම අනුවත් ඔහු සුව කළ නොහැකි කෙනකු බවයි කවුරුත් හිතා ඉන්න ඇත්තේ.

රෝගියාගේ තත්ත්වය දුරකථන ඔස්සේ අපට දැන්වූවාම, අප එම සැබෑම තත්ත්වය ගැන විමසලා ඔහුට පහසු ළඟම ස්ථානයේ වූ අපේ ශාඛාවට තමයි ගෙන්වා ගත්තේ. රෝගියාගේ දරුවන් තමයි පුවත්පත බලලා තොරතුරු විමසා තිබුණේ. ඒ අයගේ කතා බහෙන් පවා තේරුණේ තමන්ගේ තාත්තාව ආයෙත් නිරෝගී තත්ත්වයට ගෙන එන්න බැරිවේද කියලයි.

පැවැසූ තොරතුරු අනුවම අපට රෝගියා නොදැක පරීක්ෂා කර නොබලා හරියටම සුව කරන්න පුළුවන් බව කියන්න බැහැ. ඒත් අප මින් පෙර ඉතා බරපතළ තත්ත්වයේ පසුවූ රෝගීන් දහස් ගණනක් සුව කරලා අත්දැකීම් ඇතිව සිටි නිසා මේ රෝගියාත් සුවකළ හැකි බව විශ්වාස කළා. ඒ දරුවන් කියූ තොරතුරු අනුවයි. ඉතින් එදා නියමිත දිනයේ රෝගියාව ගෙනාවට පස්සේ, ඇඳක තියලා පරීක්ෂා කර බලන්න ඉස්සර ඔහුගෙන් අසා දැනගත යුතු වූ කරුණු කාරණා අපට තිබුණා.

ඒ අනුව මේ රෝගී තත්ත්වය හටගන්න පසුබිම් වූ කාරණා පිළිබඳ වැටහීමක් ලබා ගත හැකියාව ලැබුණා. රෝගී පුද්ගලයා තමන්ට වූ දේ ගැන කීවේ මෙහෙව් කතාවක්.

“මම රජයේ ලිපිකාර සේවයේ යෙදුණු කෙනෙක්. එක තැන ඉඳගෙන කාලයක්ම වැඩ කටයුතු කළා. ඒ හැටි වෙහෙස මහන්සිවෙලා, කය වෙහෙසා වැඩ කරන්න පුළුවන් වුණෙත් නෑ. ඒ හැටි විවේකයක් තිබුණෙත් නෑ. විශ්‍රාම යන්න කිට්ටුව මගේ වම් අතේ ඇඟිලිවල රිදුමක් ආවා. පෑනක් අල්ලලා ලියන්න වුණත් පෙරදා වාගේ පුළුවන් වුණේ නෑ. ටිකෙන් ටික ඒ තත්ත්වය වැඩි වුණා. විවිධ තෙල් බෙහෙත් අරන් සාත්තු කළත් වැඩක් වුණේ නෑ. ඉන්පසු ඒ අතේම උරහිස ළඟ අතේ මස් පිඩු අතරින් කැක්කුමක් ආවා මොනවදෝ වෙනවා වගේ. බටහිර බෙහෙත් ශාලාවලින් බෙහෙත් ගත්තත් ඒ වෙලාවට වේදනා නාශකවලින් පිළියමක් ලැබුණත් රෝගී තත්ත්වය අඩු වුණේ නෑ. මම විශ්‍රාම ගියේ ඔය අතරෙයි. ඉන් පස්සේ ඒ පැත්තට කකුලේ යටි පතුලත්, වළලුකරත් රිදුම් දෙන්න ගත්තා. පය තියලා වෙනදා වගේ යන්න බැරිවුණා. විසි වෙනවා වගේ දැනුණා. ටික කාලයක් යද්දී ඒ අතයි, කකුළ,යි පණ නැතිව ගියා. ඇවිද ගන්න බැරි වුණා. මගේ ශරීරය වකුටු වෙන්න ගත්තා. මං ඇඳටම වැටුණා. දැන් අවුරුදු 08ක් දුක් විඳිනවා.”

රෝගියාට දියවැඩියාවත් අධි රුධිර පීඩනයත් යන රෝග දෙකම තිබුණා. අප ඔහුව හොඳින් පරීක්ෂා කළා. ශරීරය තුළට බෙහෙත් කරන අතරම අප්‍රාණික වූ පාදය හා අතත් ශරීරයේ නිල අනුව තෙරපා තවත් තැන්ද බෙහෙත් තෙල් ගල්වා, පොට්ටනි තවා සම්බාහනය කළා. ටිකෙන් ටික ඔහුගේ ස්නායු වැඩ කළා. ලේ ගමනය යහපත් වෙන අතරේ ශරීරයට බෙහෙත් දුන්නා. ටිකක් වෙහෙසකර කටයුත්තක් වුණත් අපි රෝගියා වෙනුවෙන් වද වුණා. ටික කාලෙකින් අපේ බෙහෙත් ශාලාවේ අත්වාරු අල්ලා හෙමිහිට ඇවිදින්න පටන් ගත්තා. අපි ප්‍රතිකාර දිගටම කළා. දැන් ඔහු පූර්ණ සුවය ලැබූ නිරෝගී මනුස්සයෙක්.

වෛද්‍යවරයා හමුවිය හැකි තැන් මෙසේය. අඟහරුවාදා අතුරුගිරිය – නිට්ටඹුව, බදාදා – රත්නපුර, සිකුරාදා මහනුවර, අඹතැන්න, සෙනසුරාදා- වෙන්නප්පුව- ඉරිදා මහනුවර, අඹතැන්න.

සුලක්ඛන ජයවර්ධන

වෛද්‍යාචාර්ය,

ජයන්ත බණ්ඩාර

අංකුඹුර,

රාමකොටුව

072-4464957

071-6080849