දියවැඩියාව ඉක්මනින් පාලනය කර ගත හැකි පුරාණ අත්බෙහෙත් 5ක්

0
156

දස දෙනකුගෙන් ඇසුවොත් “ඔබට දියවැඩියාවද?” කියලා නිසැකයෙන්ම ඉන් අටදෙනකුවත් එම රෝග තත්ත්වයේ සිටින බව ඔබට කියාවි. ඒ තරමටම දියවැඩියාව හෙවත් ආයුර්වේදයේ හඳුන්වන “මධුමේහය” අද බොහෝදෙනා අතර පවතින්නක්.

ඇතැමුන්ට ජීවිතයේ මැද භාගයේදී මෙම රෝගය වැලඳෙන අතර තවත් සමහරුන්ට හිතාගන්න බැරි විධියට දියවැඩියාව වැලඳී තිබෙන්නට පුළුවන්. ඒ අය ඒ බැව් දැනගන්නේ රුධිර පරීක්ෂාවක් කර ගත්තයින් පසුවයි. සමහර අයට උත්පත්තියෙන් එනම් පරම්පරාවෙන්ම මේ රෝග තත්ත්වය හැදී එන්නත් පුළුවන්. ඒ නිසා ඒ බව දැනගන්නේ කල්ගියාට පසුවයි.

බොහෝවිට කට පරිස්සම් කර ගත්තේ නැතිවුණාම, අධික පිටි සහිත ආහාරපාන ගත්තාම, ඕනෑවටත් වඩා පැණිරස ජාති කාපු නිසා දියවැඩියාව ඉතා ඉක්මනින් හැදෙන්න පුළුවන්. ඒ නිසා නොදැනිවම පරපුරෙන් හැදී එන්නත් අප විසින් වුවමනාවෙන් ළඟාකර ගන්නත් තරම් නරක ලෙඩක් තමයි දියවැඩියාව. එයට ‘’නිහඬ මාරයා” කියන්නෙත් ඒකයි.

වැඩි දෙනකුට මේ රෝග තත්ත්වය තියෙන බව නොදැනීම කල්ගතවී තත්ත්වය නරක අතට හැරී අමාරුවේ වැටෙන අවස්ථාත් තිබෙනවා. නමුත් බොහෝ අය හිතන්නේ දියවැඩියාව නිට්ටාවටම සුවකළ හැකිය කියලයි. එය හැදුණාම බෙහෙත් මඟින් පාලනය කරවන දෙයක් තමයි බටහිර වෛද්‍ය ක්‍රමයෙදිත් තියෙන්නේ. නමුත් ඒ බෙහෙත් සැර නිසා එයත් ශරීරයට හොඳ නැති බව බොහෝ දෙනා විශ්වාස කරනවා.

නමුත් පුරාණ වෛද්‍යවරු “මධුමේහය” හෙවත් දියවැඩියාවට බටහිර වෙදුන්ට වඩා සාර්ථකව ප්‍රතිකාර කළ හැකියාවකින් සන්නද්ධව හිටියා. ඒ දැනුම මතු පරපුරටත් දායාද කර තබා ගියා. දැනුමැති වෛද්‍යවරු පුරාණ හෙළ වෙදකමට අනුව එදිනෙදා ගත හැකි ඔසු කිහිපයක් මේ සඳහා නිර්දේශ කරලා තියෙනවා. ඒවා බටහිර බෙහෙත් වගේ සැර නැහැ. දේශීය පැළෑටි ඔසු ලෙස සකසා අත්බෙහෙත් විදියට දිනපතා භාවිත කර රෝගය පාලනය කරන්න දුන්නා.

පුරාණ දේශීය වෙදකමේ මේ සඳහා වූ ප්‍රතිකාර කිහිපයක් තියෙනවා.

ඉන් කිහිපයක් මෙසේ පළකරන්නේ ඔබේ යහපත පිණිසයි.

තල් බටයක් පෙති ගසා තැඹිලි වතුරෙන් තම්බා අව්වේ කකාරා තබා වියළා කුඩුකර හොඳම මී පැණියෙන් අනා වරකට කලං 2 බැගින් දින 40ක් උදේ සවස වළඳන්න.

මාදන් පොතු, අරළු, වියළි කහ, ඉඟිනි ඇට, එනසාල්, වෙනිවැල්ගැට, ඇසළ කරල්, මෑ කළං 1යි මදටිය 14 බැගින් වතුර පත 8 එකට සිඳුවා මී පැණි දමා දෙවේලකට බොන්න.

අට්ටික්කා මුල කපා, වෑස්සෙන දිය අවුන්සයකට මී පැණි බිඳු 3ක් දමා බොන්න.

කටු ඉඹුල් මුල් පොතු කෂාය කර උදේ සවස බොන්න.

මිනී මල් කොළ 7ක් පොඩිකර වතුරට දමා පසුදා උදේ 3ක් බොන්න. ඉන්පසු  ලේ පරීක්ෂා කර බලන්න.

මේවා සතියකට දින දෙකක් තුනක් මාරුවෙන් මාරුවට සිදු කරන්න.

(වෛද්‍ය ජීවනය ඇසුරිනි)

 සුභානි එම්. ආරච්චිගේ