ටැලිෆෝනය  උස්සන්න  මහ අලියෙක්  දත කයි

0
25

සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු 20කට ආසන්න සංඛ්‍යාවක් එක්සත් ජාතික පක්ෂයට බඳවා ගැනීමට එම පක්ෂයේ ප්‍රබලයකු සමඟ සාකච්ඡාවක් පැවැත්වෙමින් ඇති බව වාර්තා වේ.

අවස්ථා කිහිපයකදී මේ පිළිබඳව සාකච්ඡා වී ඇති අතර එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයා සමඟ පැවැති සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය ක්‍රියාත්මක කිරීමට යෝජිත ජාතික සංවර්ධන වැඩසටහන සඳහා මෙලෙස මන්ත්‍රිවරු සම්බන්ධ කරගැනීම සිදුවන බව සඳහන් වේ.

තමා දේශපාලන ඩීල්කරුවකු යැයි පසුගියදා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ එම ප්‍රබලයා මෙම  සාකච්ඡාවට මූලිකත්වය දරා තිබෙන බවටද වාර්තා වේ.

සමගි ජන බලවේගයේ මෙම මන්ත්‍රිවරු පිරිසගෙන් හය දෙනකු ඉදිරි සති කිහිපය තුළදී  එක්සත් ජාතික පක්ෂයට එක්වන බවද වැඩිදුරටත් සඳහන් වේ.

නිර්මාණි ගුණරත්න