ඕඩින්ගේ අවසාන කැමැත්ත ඇම්ලෙත්ට කොහොම බලපායිද ?

0
648

රොබට් ඊගර්ස්ව මම දැන ගන්නේ 2019 ආපු The Lighthouse කියන සිනමාපටයෙන්. ඒ වගේම ඊගර්ස්ගෙ මුල්ම සිනමාපටය වෙන්නේ 2015 ආපු The Witch කියන මනබන්ධනීය සිනමා සිත්තම. ඊගර්ස්ගෙ BROTHERS කියන කෙටි සිනමාපටය කියන්නෙ තමන්ගෙ සිනමා ආර මොනවගේද කියන එක හොඳටම පෙන්නපු වැඩක්.

මට හිතෙන විදිහට බයිබලයේ එන කායින්ගෙ සහ අබෙල්ගෙ කතාවට ඊගර්ස් ඒකෙදි නව අර්ථකථනයක් දුන්නා. ඊගර්ස්ගෙ සිනමාව කියන්නෙ හරි අඳුරු ඒවගේම හුදෙකලා වුණ අමුවෙන්ම කියනව නම් මූසල සිනමාවක්. කෑගහන රැහැයියන්ගේ සද්ද බද්ද, කෑගහන මිනිසුන්ගේ සද්ද, සුළඟ, කන ළඟ දෝංකාර දෙන කපුටන්ගෙ මියැසියක ශබ්ද තරංගයෙන් ඔදවැඩුණු, චෙලෝවක් හැමවෙලාවෙම මුරු මුරු ගාන සිනමාවක් තමයි ඊගර්ස්ට තිබෙන්නේ. එයාගෙ රිද්මය හරිම කැවෝසීයයි. හැබැයි මේ හැමදේම බලන් ඉන්න බැරිතරමට නෙවෙයි නොබල ඉන්න බැරිතරමට එකතු කරන්න ඊගර්ස්ට පුළුවන්. ඒක තමයි එයාගේ රසායනය.

ඊගර්ගෙ නවතම සිනමාපටය වුණ The Northman ගෙවීගිය අප්‍රේල් 22දා නිකුත් වුණා. පැය දෙකකුත් විනාඩි දාහතක් දක්වා දිවෙන නෝර්ත්මෑන් කියන්නෙ හිතාගන්න බැරි විදිහෙ සිනමා අත්දැකීමක් ලබාදෙන සිනමාපටයක් කිව්වොත් මම නිවැරදියි. මොකද ගේම් ඔෆ් ත්‍රෝන්ස්, වයිකින්ස්, 2022 Netfix වෙතින් නිකුත් වුණු වල්හල්ලා වයිකින්ස් වගේ ටෙලිසිත්තමක ආරයත් 2009 ආපු Nicolas Winding Refnගෙ Valhalla Rising වගේ සිනමාපටයක ආරයත් මේ නෝර්ත්මෑන් එකේ හොඳට බලාගන්න පුළුවන්.

මේ හැමදේටම බලපෑවේ අපි දන්න විදිහට පරිගණක ක්‍රීඩා ලෝකය කලඹපු ගෝඩ් ඔෆ් වෝ කියන වීඩියෝ ගේම් එක. ඉතින් මේ භූමි පුත්‍රයන්ගේ යුගයේ අපේ ඉපැරණි මුල හොයාගෙන යන එක තමයි වැදගත්ම දේ විදිහට සැලකෙන්නේ. ඊගර්ස්ගෙ වුවමනාවත් මට හිතෙන්නේ ඒකයි. අපේ මුතුන්මිත්තන්ගේ මුල සොයා ගෙන යන එක. ඒක අතීතකාමයක් කියල කියන්න පුළුවන් කාටද?

මේ සිනමාපටය නිර්මාණය කරන්න මුල්වෙලා තියෙන්නේ Saxo Grammaticus කියන ඉතිහාසඥයගේ Amleth Prince of Denmark කියන කතාව. හෝ හෝ වරද්ද ගන්න එපා විලියම් ෂේක්ස්පියර්ගෙ හැම්ලට් කියන්නෙ ඔය කියන ඇම්ලත් නෙවයි. හැබැයි මේ කතාවෙයි ඒ කතාවෙයි බොහෝ සමානකම් තිබෙනවා. ගොඩක් දෙනා කියන විදිහට දහතුන්වන සියවසේ ලියැවුණු සැක්සො ග්‍රැමටිකස්ගෙ Gesta Danorum හි තුන්වන සහ හතරවන කොටස්වල මේ කතාව ලියවිලා තිබෙනවා. සැක්සොගෙ මේ ලියමන 12 වැනි සියවසේ ලතින් බසින් ලියැවුණු Chronicon Lethrenseවලට නෑකමක් දක්වන බවයි විද්වත් මතය.

මේ වර්ගයේ සිනමාපට වර්ගීකරණය වෙන්නේ ඓතිහාසික ත්‍රාසජනක එහෙමත් නැත්නම් Historical Thriller කියන සිනමා ශානරයට. මෙහි ඇම්ලෙත්ගේ චරිතයට පණපොවන්නේ 2016 ආව The Legend of Tarzan සිනමාපටයේ Tarzan චරිතයට පණපෙවූ Alexander Skarsgård ඔල්ගාගේ චරිතයට The Queen’s Gambit ටෙලිසිත්තමේ රඟන Anya Taylor වගේම, Nicole Kidman, William Dafoe, Ethan Howke කියන විශිෂ්ට නළු නිළියන් මෙහි රංගනයට දායක වෙනවා.

ඊගර්ස්ගෙ සිනමාපටය අටවන සියවසට පසුබැසීමක්. කොටින්ම මේ සිනමාපටය නැරඹුවම නෝර්ඩික් ඉතිහාසයේ පැරණි අහුමුලු හොඳට අතපත ගාපු බවක් අපිට පේන්න තිබෙනවා. වයිකින් යුගයේ වඩාත්ම වැදගත් අංගයක් වුණ නෝර්ඩික් මිථ්‍යාවන් ඊගර්ස් රූපරාමු තුළට මුසුකරන විදිහ හිතාගන්න බැහැ. සිනමාපටය ඉස්සරහට ගලාගෙන යන්නෙ නෝර්ඩික යන්ත්‍ර, මන්ත්‍ර ගුරුකම් එක්ක. මේ ගුප්ත විද්‍යාවන් තමයි සිනමාපටයේ ගාමක බලවේගය වෙන්නේ.

තමන්ගෙ පියා මරා දාපු, තමන්ගෙ මව සමඟ විවාහ වුණු පියාගෙ ඝාතකය වුණ මාමගෙන් පළිගැනීමේ පිපාසාවෙන් පෙළෙන කුමරෙක් වටා තමයි නෝර්ත්මෑන් ‍ෙදා්ලනය වෙන්නෙ. ඔහු පලායෑමෙන් පසු වයිකින්වරු අතර හැදී වැඩෙනවා. ඇල්මෙත් තමන්ගෙ පියා එක්ක පොඩිකාලෙ සීරෙස් කෙනෙක් මුණගැහෙනවා.

සීරෙස්ල කියන්නෙ හරියට ක්‍රිස්තියානි දහමෙ එන අනාගත වක්තෘවරුන්ට සමාන නමක්. ඒවගේම ස්වදේශික මුල් ඇමෙරිකානු සංස්කෘතියේ හිටපු ශාමන්වරයෙක් කියන අදහසත් මේකට බොහෝ සමානයි. හැබැයි සෙයිඩර් ‘ඉඥඪඤප’ කියන්නෙ ගැහැනු අයටම වෙන්වෙච්ච මායා ක්‍රමයක්. මේක පුහුණු කරපු පිරිමි බොහෝ වෙලාවට ගම්වලින් නෙරපා හැරපු අය. ඔවුන් ජීවත් වුණේ තනියම. මොකද ඒක පිරිමින්ට හදාරන්න තහනම් මායා කර්මයක්. මේ සිනමාපටයෙ ඉන්නෙ  පිරිමි සීරේස්ල විලියම් ඩැෆෝ තමයි ඒ සීසේ විදිහට රඟපාන්නෙ.

එතැනදී මෙයා දේවල් කිහිපයක් කියනවා, ගැහැනියගේ රහස හොයන්න යන්න එපා. ඒක ගැහැනිය ගාවම තිබුණාවෙ. ඔඩින්ගෙ එක ඇහැකට මොකද වුණේ. අන්තිමේදී එයාගෙ අනාගතය ගැන සීරේස්වරය නිගමනයකට එනවා ඒ වල්හල්ලාව. එතැන ඇල්මෙතුයි එයාගෙ පියා  දෙන්නම සත්තු වගේ හැසිරෙන්න ගන්නවා. ඊගර්ස් අපිව අපේ සන්තානයේ අඳුරු මුල්ලටම රිංගනවා. කොහොම හරි ක්‍රිස්තියානියෙ අගමනය එක්ක ක්‍රමයෙන් මේ අතීත මුල් වැනසිලා යන විදිහ ඊගර්ස් මවා පෙන්වනවා.

දන්නවද හුගින් ඒ වගේම මුනින් කියන්නෙ කවුද කියල. ඒ තමයි ඔඩින්ගෙ ඇස් සහ කන් ලෙස සලකපු දෝණකාකයන් යුගලය. සිනමාපටය පුරාම අපිට කැරැව් කරන කපුටෝ දැක බලා ගන්න පුළුවන්. කපුටො කියන්නෙ වයිකින් විශ්වාසයන්ට අනුව ආරක්ෂාවෙ සහ අනාවැකි කීමේ පක්ෂියා. ඒ වගේම මරණය සහ යක්ෂයා සමඟ සම්බධ වීමේ දොරටුව. වැදගත් වෙන්නෙ ඇල්මෙත්ගෙ වාසගම වෙන්නෙ වෝ රේවන් මේකෙදි ඊගර්ස් ඇල්මෙත්ගෙ ඉතිහාසය ඔඩින්ගෙ කතන්දරයට ලස්සන්ට සම්බන්ධ කරනවා.

වයිකින් සංස්කෘතිය තුළ ඇති වල්හල්ලාව යනු ඇස්ගාඩ්හි පිහිටි ස්වර්ගයට සම දෙයකි. එයට යෑමට සටන් කළ යුතු අතර සටන් කරනා අයගෙන් මියගිය අඩකට පමණක් එහි ‍ෙදාරටුව විවර වේ. එහිදී වැල්කරීස්ලා ඔවුන් වල්හල්ලාවට ගෙන යන අතර අනෙකුන් Fólkvanger හි කෙත්වතුවල Freyja නම් දේවතාවිය හා එක්වේ.

නෝර්ඩික් යුගය අවසානයේදී රග්නාරොක් නම් මහා සංග්‍රාමයේදී ඔවුන් වහල්ලාවෙන් පැමිණ ඔඩින් සමඟ සටන් කරනු ඇතිය යන්න වයිකින් විශ්වාසයකි. ඉපැරණි නෝර්ස් භාෂාවට අනුව වැල්කරී හෝ Valkyrja යනු මරා දැමූවන් තෝරාගන්නා යන්නය.

ඊගර්ස්ගෙ වුවමනාව ඇල්මෙත්ගේ වීරත්වය විදහාපාන එක. ඇල්මෙත්ට අවසානයේ වහල්ලාවෙ ‍ෙදාරගුළු විවර වෙයිද? එයාගෙ අවසානය Fólkvanger ද? නැත්නම් Valhalla ද? ඔඩින්ගේ අවසාන කැමැත්ත ඇම්ලෙත්ට කොහොම බලපායිද?

ගිහාන් සචින්ත