දිලීප් වෙදආරච්චිගේ පුත්‍රයා හා ඔහුගේ බිරිඳ පොලිසිය සමග ඇති කර ගත් ගැටුමේ මග හැරුණු දසුන් (VIDEO)

0
602

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතාගේ පුත්‍රයා බව කියන පුද්ගලයෙකු හා ඔහුගේ බිරිඳ පොලිසිය සමග අතර ඇති කර ගත් ගැටුමක දර්ශන මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී.

අදාළ පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ අසභ්‍ය වචනවලින් රාජකාරියේ නිරතව සිටින පොලිස් නිලධාරින්ට බැන වදින ආකාරය එම දර්ශනවල සටහන් වී ඇත.

රථවාහන රාජකාරිවල නිලධාරින් පිරිසක් සමග එම ගැටුම ඇති කර ගෙන ඇති බව එම දර්ශනවල වැඩිදුරට ත් සඳහන් වේ.

ඒ අනුව, mawbima.lk වෙත අදාළ ගැටුමට පෙර ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් වන දර්ශන ද ලැබී ඇත.

එම දර්ශනවල දැක්වෙන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතාගේ පුත්‍රයා සහ පොලිස් නිලධාරීන් අතර යම් සිදුවීමක් ඊට පෙර ද හටගෙන ඇති බව ය.

ඔහු බිරිඳ ඊට විරෝධය පළ කරන අයුරු එහි දැක්වේ.

අදාළ දර්ශන පහතින් නරඹන්න…

1 කොටස
2 කොටස