කොත්මලේ ජලාශයේ කතකගේ මළ සිරුරක්

0
21

තලවකැලේ ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබූ නාඳුනන කාන්තා මළ සිරුරක් ඊයේ (31දා) දින හමු වූ බව තලවකැලේ පොලිසිය පැවැසීය.

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ජලාශයේ කාන්තා මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරක් මත තලවකැලේ පොලිසියේ ජීවිත ආරක්ෂක භටයන් විසින් සිරුර ගොඩගත් බව තලවකැලේ පොලිසිය පැවැසීය.

ගොඩගත් සිරුර දැඩි ලෙස නරක් වී තිබූ බවත්, සිරුරේ අනන්‍යතාව මෙතෙක් හඳුනා ගෙන නැති බවත් පොලිසිය කියයි.

නුවරඑළිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරීක්ෂාවෙන් පසු මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය මහ රෝහලේ විශේෂඥ අධිකරණය වෙත යොමු කරන බව තලවකැලේ පොලිසිය පැවැසීය.

නොර්වුඩ් – නීටා පත්ම කුමාරි