ගංගාවල ජල මට්ටම් ඉහළට: ප්‍රදේශ කිහිපයකට ගංවතුර සහ නාය යාමේ අවදානමක්

0
189

දිවයින පුරා පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් නිල්වලා‌ ගඟ සහ කැලණි ගඟ ආශ්‍රිත පහත් බිම්වලට ගංවතුර අවදානමක් උද්ගතවී ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ගිං ගඟේ ඉහළ ජලාධාර ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ ඇති වූ වැසි තත්ත්වය හේතුවෙන් ගිං ගඟේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බව ය.

එමෙන් ම වයඹ, බස්නාහිර සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වය තවදුරට ත් බලාපොරොත්තු විය හැකි බව ඔහු පැවසීය.

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 8 කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නාය යාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබේ.

මේ අතර, අද (මැයි 31) සහ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ පවතින වැසි සහ සුළං තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපොර්තමේන්තුව පවසයි.