ජනපතිගේ තීන්දු නිසා හාල්වලට වෙන්න යන දේ ගැන කෘෂිකර්ම ඇමති කී කතාව

0
326

රට තුළ සහල් හිඟයක් ඇති බව ත් මෙම වසරේදී විශාල ප්‍රමාණයක් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් ඇති බව ත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

“සහල්වල හිඟයක් තියෙනවා. දැනට වෙළෙඳ ඇමතිතුමා සහල් ආනයනය කරන්න කටයුතු කරනවා. මෙම වර්ෂයට විශාල ප්‍රමාණයේ සහල් ගෙන ඒමේ අවශ්‍යතාවයක් තියෙනවා”

අද (මැයි 31) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

කෙසේ නමුත් ඔහු ප්‍රකාශ කර සිටියේ, ලබන අවුරුද්දේ සිට සහල් ආනයනය කිරීම නවතා මෙරටට අවශ්‍ය සහල් රට තුළ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සැලැසුම මේ වන විට සකස් කරමින් සිටින බව ය.

මේ වන විට සහල් මෙට්‍රික්ටොන් 338,000ක් ආනයන කර ඇති බව ත් ඉදිරියේදී තවත් සහල් ආනයනය කිරීමට සිදු වන බව ත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.

එමෙන් ම වී අලෙවි මණ්ඩලය සතුව දැනට ඇති මෙට්‍රික් ටොන් 40,000ක ප්‍රමාණයෙන් සහල් ලබා ගෙන එය ස.තො.ස. සහ සුපිරි වෙළෙඳසල් හරහා ලබා දීමට කටයුතු කරන බව ද මහින්ද අමරවීර මහතා වැඩිදුරට ත් පැවසීය.