මහ වැසි මැද පන්ති කාමරයක් තුළ කුඩ ඉහලාගෙන විභාගයක් සඳහා පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් දැක්වෙන සංවේදී ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
අදාළ සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ, මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් මෙලෙස අසරණ තත්ත්වයට පත්ව විභාගයට පෙනී සිටින බව ය.
මෙම ගොඩනැගිල්ලෙන් වැසි ජලය කාන්දු වීම හරහා විභාග අපේක්ෂකයින්ගේ මානව හිමිකම් උල්ලංඝණය වීමක් සිදුවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.
එහි අධ්‍යක්ෂවරයෙකු අපට ප්‍රකාශ කළේ, මෙම පාසල සම්බන්ධයෙන් සොයා බලා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට පියවර ගන්නා බව ය.
කෙසේ වෙත ත්, එම පාසල කුමක් ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ප්‍රකාශ කළේ, වැස්සට කුඩ ඉහලාගෙන විභාගය ලිවීම හරහා සිසු සිසුවියන්ට දැඩි පීඩාකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බව ය.
ඇතැමෙකු මෙය මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලියූ සිසු සිසුවියන් පිරිසක් මුහුණු දුන් අත්දැකීමක් ලෙස පවසන අතර, තව ත් පිරිසක් සඳහන් කර ඇත්තේ මෙය මීට පෙර වසරක වූ සිදුවීමක් බව ය.
කෙසේ වෙත ත්, කාලය කුමක් වුව ද මෙය විභාගයකට පෙනී සිටින දරුවන්ට අතිශය පීඩාකාරී අත්දැකීමක් බව අමුතුවෙන් කිව යුතු නැත.
මෙම පාසල කුමක් දැයි දන්නා කෙනෙකු ඇතොත් ඒ බව දන්වන්න…



Gampaha Thakshila Maha vidyalaya. Today also same thing happened.
Comments are closed.