JUST IN: අනිද්දා සිට බලපැවැත්වෙන දුම්රිය ගාස්තු සංශෝධනය මෙන්න

0
1985

වෙන් කළ ආසන සඳහා අය කරනු ලබන ගාස්තු සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව, එම ගාස්තු 30%කට අධික ප්‍රතිශතයකින් ඉහළ දමා ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ප්‍රධාන මාර්ගය, උතුරු මාර්ගය, මඩකලපු මාර්ගය, මුහුදුබඩ මාර්ගය, ත්‍රිකුණාමලය මාර්ගය සහ මන්නාරම මාර්ගයේ ගමන් කෙරෙන දුම්රියවල වෙන් කළ ආසන සඳහා අය කරනු ලබන ගාස්තු මෙලෙස ඉහළ දමා ඇති බව ය.

අදාළ ගාස්තු සංශෝධනය ජූනි 1 වන දා සිට ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය මූලස්ථානය පැවසීය.

එම ගාස්තු පිළිබඳ සම්පූර්ණ විස්තරය පහතින් දැක්වේ.