හරින්ට මනූෂට සජබ දින 7ක් කල් දෙයි

0
1229

පක්ෂයේ අනුමැතියකින් තොරව ඇමති ධූර භාර ගැනීම සම්බන්ධයෙන් දින හතක් ඇතුළත නිදහසට කරුණු ඉදිරිපත් කරන්නැයි හරින් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ඇමතිවරුන් දෙදෙනාට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය දන්වා ඇතැයි එම පක්ෂයේ ප්‍රකාශකයෙක් ‘ඉරිදා මව්බිම’ට පැවසීය.

එම දින හත ඇතුළත අනිවාර්යයෙන් ඔවුන් නිදහසට කරුණු ඉදිරිපත් කළ යුතු බව ද හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් මෙම ඇමතිවරුන් දෙපළ ඇමති ධූර භාර ගැනීම හේතුවෙන් ඔවුන් පක්ෂයෙන් නෙරපා හැරීමට කෘත්‍යාධිකාරි මණ්ඩලය මේ වන විටත් අනුමැතිය දී ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.