netflixලා වැඩිම ගණනක් යට කරපු The Gray Man

0
626

The Gray Man කියන්නේ නෙට්ෆිල්ක්ස්ලා world wide ඕඩියන්ස් එක ටාගට් කරගෙන හදපු අලුත්ම ෆිල්ම් එක. Mark Greaneyගේ ‘The Gray Man’ නමින් තිබෙන නවකතාවක් මත පදනම් කරගෙන නිපදවා තිබෙනවා. Netflix විසින් මෙතෙක් නිපදවා ඇති වඩාත්ම High budget ෆිල්ම් එක The Gray Man කියලා තමයි නෙට්ෆිල්ක්ස්ලා නම් කියන්නේ.

මීට කලින් මේ රෙකෝඩ් එක තිබුණේ Red Notice ෆිල්ම් එකටයි. ඒ ෆිල්ම් එකේ ජචඵබ එකේ හිටියේ Dwayne Johnson, Ryan Reynolds සහ Gal Gadot වගේ පට්ට හයිප් එකක් තිබෙන කැරැක්ටර්ස් ටිකක් කියලා ඔයාලට මතකනේ? කොහොමහරි මේ ෆිල්ම් එකේත් නිෂ්පාදන පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක්ලු. මෙය අධ්‍යක්ෂණය කරන්නේ Russo සහෝදරයන් දෙදෙනා.

ඒ කියන්නේ Anthony Russo සහ Joe Russo. Marvel සිනමා ලෝකයේ Captain America: The Winter Soldier (2014), Captain America: Civil War (2016), Avengers: Infinity War (2018), Avengers: Endgame (2019) වගේ පට්ට ෆිල්ම් ටික ඩිරෙක්ට් කළේ මේ දෙන්නා තමයි. The Gray man ෆිල්ම් එකේ

කාස්ට් එක ගැන බැලුවොත් Ryan Gosling, Chris Evans (කැප්ටන් ඇමෙරිකා), Ana de Armas වගේම කොලිවුඩයේ සුපර් ස්ටාර් ලිස්ට් එකේ ඉහළින්ම සිටින Dhanushව බලාගන්න පුළුවන්. මැයි 25 වැනිදා release වුණු official trailer  ෆිල්ම් කාස්ට් එකේ first look කිහිපයක්ම ඔවුන් අන්තර්ජාලයට මුදාහැරලා තිබුණා. Action/ Thriller කැටගරිවලට කාණ්ඩ කරලා තිබෙන මේ ෆිල්ම් එක 2022 ජූලි 15 Netflix හරහා release වෙන්න තිබෙනවා.

රමෝද් ජයවර්ධන