හිස හා රැවුල මුඩු කරන උඳුගොව්වා කෑමේ රෝගයට ඔෟෂධීය තෙලක් සමඟ ප්‍රතිකාර 2ක්

0
97

සමහර වැඩිහිටියන්ගේද හිසෙහි මෙන්ම මුහුණ පුරා වවාගත් රැවුල මත මේ ආකාරයේ මුඩු වූ ස්ථාන දැකගත හැකියි. බොහෝ දෙනකුට මෙම රෝග තත්ත්වය එක් ස්ථානයකට දෙකකට පමණක් සීමා වුවත් සමහරුන්ගේ මුළු හිස හා රැවුල පුරාවට වුවද රෝගය ඇතිවිය  හැකිය. එය දින ගණනාවකදී හෝ මාස ගණනාවකදී සිදුවිය හැකි අතර සමහරවිට ඉතා ක්‍ෂණිකව එක් දිනකදී හෝ දෙකකදී වුවද කෙස් හැලී යෑම සිදුවිය හැකියි.

ඉන්ද්‍රලුප්ත රෝගය හේතුවෙන් හිස මුඩුවූ ස්ථානයන්හි උත්කේ‍රා්ෂ සලකුණු හෙවත් එක්ස්කලමේෂන් මාක් ආකාරයට හැඩගත් කෙස් ගස් කිහිපයක් දක්නට ලැබෙනවා. මේ ආකාරයට කෙස් ගස් ඇතිවෙන්නේ එහි ඉහළ කොටස කැඩී ගොස් අඟලක් පමණ වන්නට ඉතිරිව කෙස් ගස් වකුටුවීම නිසයි. මෙම කෙස් කොටවල වර්ණයේ හෝ දීප්තිමත් බවෙහි වෙනසක් නැහැ. මේ ආකාරයට හිස මුඩුවූ ස්ථායන්හි සම වඩා මෘදුවී තුනී වූ ස්වභාවයක් ඇතිවෙනවා.

බාලිත්‍යය යනු කවර හේතුවක් හෝ නිසාවෙන් හිසෙහි මෘදුකම ඇතිවීමයි. ලියුපස්, ෆේවස්, සිෆිලිස්, හොරි, මානසික රෝග, මහලු වයස ආදිය හේතු කොටගෙන හිස මුඩුකම ඇතිවිය හැකියි. කවක රෝගයන්ට අදාළව හිසේ සමෙහි කූපාකාර පලු හටගැනීමෙන් හිසකේ විනාශවී යෑම කූපීය ස්ටෝට හෙවත් විරංගීය බාලිත්‍යය ලෙස හඳුන්වනවා. නමුත් මෙම රෝග තත්ත්ව හා ඉන්ද්‍රලුප්ත රෝගය පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරයකුට ඉතා සියුම් ලෙස වෙන්කර හඳුනාගත හැකියි.

උඳුගොව්වා කෑම හෙවත් ඉන්ද්‍රලුප්ත රෝග තත්ත්වයේදී ඔබ කෙතරම් කාර්යබහුල වුවත් ඉතා පහසුවෙන් පාවවිචි කළ හැකි ආයුර්වේද ඖෂධ ලබාගත හැකියි. හිසෙහි හෝ රැවුලෙහි මුඩුවූ ස්ථානවල විකෘති වූ කෙස් ගස් ඇතිවීම නැවැතී ක්‍රමයෙන් ස්වාභාවික තත්ත්වයට පත්වීමට රසායන ද්‍රව්‍යවලින් තොර පිළියෙල කරන ලද බලගතු ශාකසාර ඖෂධ ලබාගත හැකියි.

ඔබට නිවෙසේදී සාදාගත හැකි වටිනා තෙලක්

ගොටුකොළ, රතුලූනු, කීකිරිඳි, මුගුණුවැන්න, කරපිංචා කොළ, පොතු, නැටි, මුල්, උළුහාල්, සැවැන්දරා මුල්, රන්තැඹිලි පොල් ගෙඩියක, පොල් සමඟ කොටාගෙන මිරිකාගත් යුෂ ළිප තබා සිඳගත් තෙල දිනපතා උදේ සවස අදාළ ස්ථානයේ ගාන්න. මෙය සති දෙකක් කිරීමෙන් පසු අමු පොල්කොළ පුච්චාගත් අළුවලට තලතෙල් බිංදු කිහිපයක් කලවම් කර සති 2ක් ගාන්න.

වෛද්‍ය

සජානි වාසනා

ප්‍රනාන්දු

BMAS (Hons) Univercity of Kelaniya

ධන්වන්තරි ආයුර්වේදය _ බිම්බාරාම පාර,

පිළියන්දල

0718659179