හරීන්ට  මනූෂට සජබ  දින 7ක්  කල් දෙයි

0
56

පක්ෂයේ අනුමැතියකින් තොරව ඇමැති ධුර භාර ගැනීම සම්බන්ධයෙන් දින හතක් ඇතුළත නිදහසට කරුණු ඉදිරිපත් කරන්නැයි හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර ඇමැතිවරුන් දෙදෙනාට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය දන්වා ඇතැයි එම පක්ෂයේ ප්‍රකාශකයෙක් ‘ඉරිදා මව්බිම’ට පැවැසීය.

එම දින හත ඇතුළත අනිවාර්යයෙන් ඔවුන් නිදහසට කරුණු ඉදිරිපත් කළ යුතු බවද හෙතෙම පැවැසීය. කෙසේ වෙතත් මෙම ඇමැතිවරුන් දෙපළ ඇමැති ධුර  භාර ගැනීම හේතුවෙන් ඔවුන් පක්ෂයෙන් නෙරපා හැරීමට කෘත්‍යාධිකාරි මණ්ඩලය මේ වන විටත් අනුමැතිය දී ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

නිර්මාණි ගුණරත්න